යුද සමයේදී කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටිනවා යැයි පැවසෙන් සියල්ල බොරු ප්‍රකාශයන් බවත් පොට්ටු අම්මාන් මේ වන...
යුද සමයේදී කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටිනවා යැයි පැවසෙන් සියල්ල බොරු ප්‍රකාශයන් බවත් පොට්ටු අම්මාන් මේ වන විට ජීවතුන් අතර නොමැති බවට හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැඳුම් ලත් පක්ෂයක් වන සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂයේ නායක කේ.තුල්සි කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (02) දින වව්නියාවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී කේ. තුල්සිගෙන් මාධ්‍ය වේදීන් අසා සිටියේ පසුගියදා සතිඅන්ත පුවත්පතක පලවී ඇත්තේ පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යෙය් ජීවත්වන බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණා අම්මාන් පවසා සිටීම පිළිබඳව විමසීමේදී කේ.තුල්සි පවසා සිටියේ,
‘ඇතම් පුද්ගලයින් දේශපාලන වාසි මත පොට්ටු අම්මාන් ජීවතුන් අතර බව පැවසුවද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසිදු නායකයෙකු මේ වන විට ජීවතුන් අතර නොමැති බවටයි යුද සමයේදී පොට්ටු අම්මාන් සමග විශාල සාමාජිකයින් පිරිසක් යුද හමුදා පාලනයට කොටු වුනා එම අවස්ථාවේදී පොට්ටු අම්මාන්ට බේරෙන්න කිසිම අවස්ථාවක් නැහැ එහිදී සියලුම නායකයින් මිය ගියා දැන් රටේ පවතින දේශපාලන තත්වය එක්ක දේශපාලන වාසි ගන්න සමහරු මිය ගිය අයට පණ දෙන්න පටන් අරන් තියනවා දැන් පොට්ටු අම්මානුත් මේ විදිහට කරලියට ගෙනත් තියෙන්නෙත් අන්න ඒ හින්දයි. යනුවෙනි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS