දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වීරසේකර-දේවානන්දා ලේකම්ලා දෙදෙනෙක් කොටි වැලලු රත‍්‍රන් ගොඩගන්න ගොස් මාට්ටුයි
Homeප්‍රවෘත්ති

වීරසේකර-දේවානන්දා ලේකම්ලා දෙදෙනෙක් කොටි වැලලු රත‍්‍රන් ගොඩගන්න ගොස් මාට්ටුයි

PropellerAds

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්‍රන් තොගයක් අධිකරණ නියෝගයක් මත ගොඩ ගැනීමට පෙර එම රත්‍රන් තොගය ගොඩ ගැනීමට තැත්කළ ඇම...

මහ බැංකු අධිපති ගැන මා කීවේ බොරු... කොන්දේසි විරහිත කණගාටුව පල කරනවා - ජනාධිපති උපදේශක
අද පාටි! නෝනලාත් එක්කම හවස 7ට අරලියගහ මන්දිරයට එන්න! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අද උදේම පණිවුඩයක් එයි!
ශ‍්‍රී ලංකාවේ ICC සාමාජිකත්වය අහෝසි වේවි - ICC ශ‍්‍රී ලංකාවට දැනුම් දෙයි
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්‍රන් තොගයක් අධිකරණ නියෝගයක් මත ගොඩ ගැනීමට පෙර එම රත්‍රන් තොගය ගොඩ ගැනීමට තැත්කළ ඇමැති ලේකම්වරුන් දෙදෙනකු ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස පරීක්ෂණ අරඹා ඇත්තේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ කාර්යමණ්ඩල ලේකම්වරුන් දෙදෙනකු සම්බන්ධවය.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය මගින් වළදමා ඇතැයි කියන මෙම රත්‍රන් තොගය පිළිබඳ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව මෙමස 25 වැනිදා කැණීම් කිරීමට සැලසුම් කර තිබී ඇත. නමුත් මහවිරු සැමරුම් තැනින් තැන පැවතීම මත එහි කැණීම් දෙසැම්බර් 02 වැනිදාට කල් දමා තිබේ.

ඒ අතරේ ඉකුත් 23 වැනිදා මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ ධීවර ඇමැතිවරයාගේ ලේකම්වරයකු පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවෙසට ගොස් තමන් සැලසුම් කර ඇති කැණීම් කටයුත්තක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවත් නොවැම්බර් 25 වැනිදාට කලින් රහසිගතව එය කිරීමට සහාය වන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එහෙත් එම ඉල්ලීම ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන් දෙදෙනාගේ මෙම පැමිණීම සම්බන්ධයෙන් දින කිහිපයකට පසු මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තොරතුරු ලැබී විමසන තෙක් පුදුකුඩිඉරිප්පු ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර නැත. ඒ පිළිබඳව මුලතිව් සහකාර පොලිස් අධිකාරි ලසන්ත විතාරණ යටතේ මේවනවිට විමර්ශනයක් ද ක්‍රියාත්මක වේ.

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට එම පත්වීම ලැබී ඇත්තේද ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දගේ නිර්දේශයකට අනුව බවටද තොරතුරු අනාවරණය වේ.

අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු රත්‍රන් ගොඩගැනීමට යාම පිළිබඳව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඊයේ (30 වැනිදා) වාර්තාවක් ද යවා තිබේ.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයකු සමග ගොස් බලහත්කාරයෙන් ඉඩම් මැනීමකට හා එම ඉඩම් හිමි කතගේ නිවස පරීක්ෂා කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් ද පොලිස්පති නියමයෙන් ඊයේ (30 වැනිදා) පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

දිවුලපිටිය උල්වලහෙල, සියඹලාගහවත්තේ වූ තම ඉඩමට පැමිණ බලහත්කාරයෙන් ඉඩම මැනීමට උත්සාහ කළ බවට සමන්ති ජයකොඩි නමැති ඉඩම් හිමි කාන්තාව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය අරඹා ඇත.

තමාගේ නිවසට දෙවැනි වරටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වෑන් රථයකින් හා යතුරුපැදියකින් ඉකුත් 27 වැනිදා පැමිණ සෝදිසි කර ගිය බවට මෙම කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන්ය. ඇය පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් තම ඉඩමට ඇතුළු වූ දර්ශන ද දිවුලපිටිය පොලිසියට ලබාදී ඇත.

තමාගේ ඉඩමට අසල්වැසියකු හොර ඔප්පු සකස් කර වෙන්දේසිකරුවකුට විකිණීමට උත්සහා කළ බවත් ඒ සම්බන්ධව මීගමුව පොලිස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළ බවත් ඇයගේ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

ඒ අතරේ මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන සුගත් ජයසිංහ නමැති අය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමග නොවැම්බර් 11 වැනිදා පැමිණ තම ඉඩම බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ ගත් බවටද ඇය පැමිණිලි කර ඇත. එදිනම තම නිවෙසේ සී.සි.ටී.වී කැමරාවලටද ඔවුන් අලාභ හානි කළ බව වීඩියෝ සාක්ෂි සමග පෙන්වා දී ඇත.

පොලිස්පතිවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙම සිද්ධියට සම්බන්ධ වූ පිරිස ගැන සොයා විමර්ශනය කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ. මීට අමතරව දිවුලපිටිය පොලිසිය ද පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වීරසේකර-දේවානන්දා ලේකම්ලා දෙදෙනෙක් කොටි වැලලු රත‍්‍රන් ගොඩගන්න ගොස් මාට්ටුයි
වීරසේකර-දේවානන්දා ලේකම්ලා දෙදෙනෙක් කොටි වැලලු රත‍්‍රන් ගොඩගන්න ගොස් මාට්ටුයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ_wOu0NELmJBqvWxem1gahEPBNaskiChcWAWdlhxR2s8J5egYomkfCmGTvm0jsIE-rKfyFgrkkkqwl7yWpFeGOtu1XwtO_f5tlw2zQBzezafDn65KGFqOczDcrV7lukuNPXxusiyq6XLi/s320/weerasekara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJ_wOu0NELmJBqvWxem1gahEPBNaskiChcWAWdlhxR2s8J5egYomkfCmGTvm0jsIE-rKfyFgrkkkqwl7yWpFeGOtu1XwtO_f5tlw2zQBzezafDn65KGFqOczDcrV7lukuNPXxusiyq6XLi/s72-c/weerasekara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy