Loading... චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක් කිරීම ...
Loading...
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක් කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරන ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එම කණ්ඩායම සඳහා නායකත්වය දෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමටද සැලසුම් කර ඇති බවත් එම ආරංචි මාර්ග වාර්තා කරයි.
හිටපු ජනාධිපතිනිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ආණ්ඩුවට එක්වන එම කණ්ඩායමට සහයෝගය දෙනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.
කෙසේ නමුත් ඇයට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒම සඳහා ඉල්ලා අස්වන්නේ කවුදැයි මෙතෙක් සදහනක් නැත.
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකු මේ දිනවල සිය සැලසුමට පෙර ආසන මට්ටමින් පාක්‍ෂිකයන් කැදවා මත හදමින් යමින් සිටී.
-lankacnews
COMMENTS