පිළිවෙලින් ඩොලර් මිලියන හයක් හා ඩොලර් මිලියන 122ක් බැගින් වියදම් කරමින් නිව්යෝර්ක් හා බ්‍රසීලයේ පිහිටි ගොඩනැගිලි මිල දී ගෙන ඇති ශ්‍රී ලංකා...
පිළිවෙලින් ඩොලර් මිලියන හයක් හා ඩොලර් මිලියන 122ක් බැගින් වියදම් කරමින් නිව්යෝර්ක් හා බ්‍රසීලයේ පිහිටි ගොඩනැගිලි මිල දී ගෙන ඇති ශ්‍රී ලංකා මහබැංකුව ඒවා බදු දී ඇතැයි නිල ආරංචි මාර්ග පවසයි.
මහ බැංකුව වෙළෙඳ, වාණිජමය හෝ කාර්මික කටයුත්තක නියැලීම සිදු නොකළ යුතු බවට වන මූල්‍ය පනතේ 117 වැනි වගන්තිය එමඟින් උල්ලංඝණය වී ඇත.
එමෙන්ම, ජාතික අන්‍යොන්‍ය ආරක්ෂණ ගොඩනැගිල්ලේ සිව් වැනි හා පස් වැනි මහල් ද 2015 දී හා 2016දී බදු දී ඇති බව කෝප් කමිටු වාර්තාවක දැක්වේ.
මෙම ගනුදෙනුවලට වගකිවයුතු මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ නම් ද ඇතුළුව ඒවා සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට එම කමිටුව මහබැංකුවට උපදෙස් දී ඇත.
-SLM
COMMENTS