රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවා හැරීමේ සුදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ...
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවා හැරීමේ සුදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
ඒ අනුව අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හෙතෙම අවධාරණය කරයි.
මෙහිදී අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා,
"මහින්ද - මෛත්‍රී නීතිවිරෝධී දෙවැනි කුමන්ත්‍රණයට පෙළගැසෙමින් ඉන්නවා. මුළු රටම අවුල් කළ මහින්ද - මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න.
සමහර විට අද රාත්‍රියේම විසුරුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකර හැක්කේ අවුරුදු 4 හමාරකට පසුවයි. ඒ කාලය උදාවෙන්නේ 2020 පෙබරවාරි මාසයේයි. එසේ නැත්නම් පාර්ලිමෙන්තුවේ තුනේන දෙකක බහුතරයකින් විසුරුවාහැරිය හැකිය. වැරදි දේශපාලන තීරණයක් හරහා රට විනාශයට රැගෙන ගිහින් 14 දා පරජය වෙන එක වහගන්න නීතිවිරෝධී අංක දෙක කුමන්ත්‍රණයට යනවා. මේකට එරෙහිව කටයුතු කළ යුතුයි." යැයි වැඩිදුරටත් පැවසීය.
COMMENTS