අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභගංය යෝජනාව සම්මත කිරිමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදා...
අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභගංය යෝජනාව සම්මත කිරිමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිඳ දැමීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කාතානායක කරු ජයසූරිය මහතා ඊයේ ජනපතිවරායට යොමුකළ ලිපියට පිළිතුරු ලිපිය ඊයේ රාත්‍රියේදී ජනපතිවරයා විසින් කතානායකවරයාට යොමු කර ඇති අතර එම ලිපියක මේ බව දැක්වෙයි.
එසේම පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීථිය ඉදිරියේ විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවකදී කතානායකවරයා ගත් ක්‍රියාමාර්ගය එම නඩුවේ හරයට අගතිදායක බවත් ජපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.
එසේම පාර්ලිමේන්තුවේ නිසි ලෙස තහවුරු නොකළ අත්සන් ලේඛණයක් තමන් වෙත යොමුකරමින් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට ගත් ක්‍රියාමාරගය ගැන කනගාටුව ප්‍රකාශ කරන බවත් එම ලිපියේ දැක්වෙයි.
COMMENTS