පාර්ලිමේන්තුව තුළ බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාධ කිරිම නතර වුයේ එම වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් නොමැති වීම නිසා බව එකාබද්ධ විපක්ෂයේ ප...
පාර්ලිමේන්තුව තුළ බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාධ කිරිම නතර වුයේ එම වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් නොමැති වීම නිසා බව එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඊයේ (27) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරම මහතා මේ බව සඳහන් කළේය.
බැදුම්කර විවාදය පාර්ලිමේන්තුවේ සිදු වු අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සුමන්තිරන් මහතා විසින් අදාළඵ වාර්තාවේ දෙමළ පිටපතක් අවශ්‍ය බව පවසා මාස 4කට අධික කාලයක් ගත වුවත් එය මේ වන තුරු සිදු වුයේ නොමැති බව මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
නමුත් වත්මන් රජය පත් විමත් සමඟ ජනාධිපතිවරයා එම ගැටළුව විසදිමට කටයුතු කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ සිංහල හා දෙමළ පරිවර්තනයන් ඉදිරි සති දෙක තුළ දී නිකුත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝගයක් ලබා දී ඇති බවයි.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වු අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ කටයුතු නොකරණ පොලිස් නිලධාරින් පවා එම ඉස්ථානයට පැමිණි සිටි බවයි.
එලෙස පාර්ලිමේන්තුවේ රාජකාරි සිදු නොකර නිලධාරින්ට සභා ගර්භයට කැදවීමට කිසිදු අවසරයක් නොමැති බවත් ඒ සම්බන්දයෙන් පරික්ෂණයක් කිරිම සඳහා පැමිණිල්ලක් සිදු කරණ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS