"අශිලාචාර ලෙස තම පොරොන්දු පාවා දුන්නා" - ජනපතිට සරත් විජේසුරියගෙන් දැඩි දෝස්මුරයක් - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Post Top Ad

Friday, November 9, 2018

"අශිලාචාර ලෙස තම පොරොන්දු පාවා දුන්නා" - ජනපතිට සරත් විජේසුරියගෙන් දැඩි දෝස්මුරයක්

දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය.

අපවත්වී වදාළ සොභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ලිපියක් ලියන්න ගියා. නමුත් දහ දොලොස් වතාවක් මම ලියන්න හැඳුවත් "ගරු ජනාධිපතිතුමනි" කියා ලියන්න බැරිව ගියා. මගේ පංචස්ඛන්දයම වෙවුලලා ගියා. එහෙම පුද්ගලයෙකුට කොහොමද ගරු ජනාධිතිතුමා කියන්නේ. මේ උත්සවය පවත්වන්න තිබුණේ පදනම් ආයතනයේ මොකක්දෝ හේතුවක් නිසා එය නව නගර ශාලාවේ පවත්වන සිදුවුණා. ඒක දෛවයෝපගත සිදුවීමක්. මොකද මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපෙක්ෂකයා ලෙස වාඩි වුණේ මෙහි. එදා එතුමා කියපු දේවල් කන් ඇතුළේ පිළිරැව් දෙනවා. ඔහු කිව්වා හය මාසයකින් විධායක ජනපති ධුරය අහෝසි කරනවා කිව්වා."

"ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා, නීතියේ ස්වාධිපත්‍ය රකිනවා කිව්වා. ඔහු අශිලාචාර ලෙස තම පොරොන්දු පාවා දුන්නා. අපි කලකට පෙර ඒක දැනගන හිටියා. සොභිත හාමුදුරුවෝ දැනගෙන හිටියා. නිදහස් පක්ෂයේ සභාපති ධූරය භාර ගැනීම තමයි ජනවාරි අට සියලු දේ වතුර මුට්ටියක් පොලොවේ ගැහුවා වගේ දෙයක්. රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩුව කරන්න බෑ කිව්වේ අමූලික බොරුවක්. අපරාධකාරයෝ අත්අඩංගුවට ගන්න දෙනනේ නැත්තේ ජනපතිවරයයි. සිංහල ගැමියෙක් ළඟ තිබෙන සදාචාරය මේ පුද්ගලයා ළග නෑ. ඔහු පන්සිල් ගන්නා වාරයක් වාරයක් පාසා පවු පුරවගන්නවා.” යැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය.

එසේම ජනපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමග විජේරාම නිල නිවයේදී විදුලි පහන් නිවා දමමින් ආරක්ෂක නිලධාරීන් ඉවත් කරමින් සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad