දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කැබිනට් තීරණ ගත්තේ රනිල් ප්‍රමුඛ සමනළ රංචුවක්" - ජනපති
Homeප්‍රවෘත්ති

"කැබිනට් තීරණ ගත්තේ රනිල් ප්‍රමුඛ සමනළ රංචුවක්" - ජනපති

PropellerAds

කැබිනට් තීරණ ගත්තේ රනිල් ප්‍රමුඛ සමනළ රංචුවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ ජන මහිම රැළිය අමතමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස...

මහ මැතිවරණයට ජනපති තවත් දිනයක් නම් කරයි !
කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක්
දිනකට 750ක් කොරෝනා ටෙස්ට් කරන්න පුළුවන්කම තිබුණත් කරන්නේ 250යි. ඇයි මේ ? - GMOA

කැබිනට් තීරණ ගත්තේ රනිල් ප්‍රමුඛ සමනළ රංචුවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ ජන මහිම රැළිය අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

" මම සතුටුවෙනවා අවුරුදු හතරකට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් එකම වේදිකාවකට එන්න ලැබීම ගැන. නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරිමෙන් බලාපොරොත්තු වුණේ, පුටවට මාරු කළේ ශරීර දෙකක් නෙමෙයි. මේ මාරු වුණේ මිනිස්සු දෙන්නෙක් නෙමයි. මේ මාරු වුණේ මේ රටට අහිතවත් අපට නොගැලපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දර්ශණයයි අපි පුටුවෙන් ඉවත් කළේ. මේ පුටුවට පත්කළේ අපට රටට ගැළපෙන දේශයට ගැලපෙන, විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂ මහතායි. මේක පුළුල් පරමාර්තයක්. පුළුල් දැක්මක්. දේශපාලන වශයෙන් ගුණාත්මක භාවයක්. කළ යුතු දෙයක්. මෙතන ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් නෙමෙයි. මේ කතා කරන්නේ මේ රටේ පනමෙන එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන ඩී.එස්. ඩඩ්ලි දර්ශනයේ ඇලී ගැනී පැහැදිලි දේශපාලන වෙනස් කිරිමේ ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ විශ්වාස තබා නායකින් පසුව පස යන එජාප පාක්ෂිකයන් අහන ප්‍රශ්නයක් තිබෙනවා. කුමක්ද ඒ ප්‍රශ්ණය ඒ ප්‍රශ්ණමය මීට දින හතරකට කලින් කරු ජයසූරිය මහතා මගෙන් ඇහුවා. කරු ජයසූරිය මහතාට පැයක් කතා කරලා කිව්වා මම වෙනස කිරීමට හේතුව. ආණ්ඩුවට එක්වෙන්න එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මගෙන් ඇහුවා. එජාප පාක්ෂිකයන්ගේ සහායෙන් බලයට පත්වූ ඔබට මහින්ද රාජපක්ෂ පත්කිරීම විනා විකල්පයක් තිබුණේ නැත්ද කියා මගෙන් අහනවා. කරු ජයසූරිය මහතාට මම කිව්වා මතක නැත්ද මීට මාස අටකට පෙර විකල්පය ඔබට කිව්වා කියලා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ මම කථානායක කරු ජයසූරිය මහතාට කිවිව් අගමැති පුටුව භාර ගන්න කියලා."

"කරු ජයසූරිය මහතාට මම වැන්දේ නැති ටික විතරයි. අවසානයේදී කථානායක මාව හමුවෙන්න ආවා. මාව හමුවෙන්න තනියෙන් එනවා කිව්වා කරු ජයසූරිය මහතා හිටපු අගමැති කරු ජයසූරිය මහාතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක ඇවිත් කිවේවේ මේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බෑ කියලා. කරු ජයසූරිය එදා ඒ විදිහට මාව අමාරුවේ දැම්මා. මේ කතාව අහගෙන ඉන්න එජාප පාක්ෂිකයනින් මම ව්‍යායාම අත්හැරියේ නෑ. පසුගිය මාස දෙකේදි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ගෙදරට එන්න කියලා ඔබේ නායකයාත් එක්ක වැඩ කරන්න මට බෑ කිව්වා. මම සජිත්ට කිව්වා මාස හයකට කලින් බාර ගන්න කියලා. ඔහු පස්ස ගැහුවා. මම සජිත්ට කිව්වා රනිල් අයින් කරමු ඔබ අගමැති බාර ගන්න කියලා මම කිව්වා. මහින්ද රාජපක්ෂ හැතිතුමා පත්කළේ ගිය සතියේ. මාස දෙකක් හවසට හවසට සජිත්ට කිව්වා මම ප්‍රශ්න විසඳන්නමි කියලා. සජිතුත් කිව්වේ නායකතුමාත් එක්කමට හැප්පෙන්න බෑ කියලයි. මම තීන්දු කළා රටට ගැලපෙන නායකයෙක් ගන තීනීදු ගන්න. ඒ නිසා මට ගලපෙන මිනිහෙක් හෙව්වා. කරු බෑ කිව්ව අගමැතිකම, රනිල් එක්ක හැප්පෙන්න බෑ කියලා කියලා කියපු අගමැති කම රනිල් එක්ක හැප්පෙන්නෙ නෙමෙයි රනිල් පෙරලගෙන යන්න පුළුවන් නායකයෙක් මම අගමැති කළා. විදේශීය න්‍යාය පත්‍රවලට අපට වැඩ කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ආර්ථික දර්ශනය අහිසංක ජනතාව ගැටලුවට පත්කළා. රනිල් වික්‍රමසිංහ මහතා සමනල ජීවිතයකට ඇතුළත් වුණා. ආණ්ඩුවේ තිරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා හා සමනල රැළයි. රනිල් වික්‍රමසිංහ මහතා ගියාද මහ නායක හිමිවරුන් හමුවෙන්න ගියාද, ජයශ්‍රී මහා බෝධියට ගියාද,කාදිනල් හිමියන් හමුවෙන්න ගියාද. රනිල් වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාල ඉදිරිපට දණින් වැටිලා ඉන්නවා."යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කැබිනට් තීරණ ගත්තේ රනිල් ප්‍රමුඛ සමනළ රංචුවක්" - ජනපති
"කැබිනට් තීරණ ගත්තේ රනිල් ප්‍රමුඛ සමනළ රංචුවක්" - ජනපති
http://am.lk/media/k2/items/cache/b17f2b862b48120f323dccc643b46e39_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy