දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේ දැක නෑ" - මහින්ද
Homeප්‍රවෘත්ති

"කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේ දැක නෑ" - මහින්ද

PropellerAds

කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේදී දැක නොමැති බවද පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොමැති වූ දිනයට රටේ දැවැන්ත කැරැළි නිර්ම...

ඉදිරි ජනපතිව‍රණයට අලුත් නිර්පාක්ෂික අපේක්ෂකයෙක්! යහපාලනය ගෙන ආ සංවිධාන රනිල් - මෛත්‍රී ගැන කළකිරීමෙන්
ජනබලයේ දෙවැනි අදියර මහනුවරදී
“හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන හදලා සදාචාරය හා විනය හදන්න බැහැ“ - රෙජිනෝල්ඩ්

කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේදී දැක නොමැති බවද පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොමැති වූ දිනයට රටේ දැවැන්ත කැරැළි නිර්මාණය වන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ කසාගල පුරාණ රජමහා විහාරයේ පැවැති පූජෝත්වසයකට සහභාගී වෙමිනි.

‘‘මම පාර්ලිමේන්තුවට ගියේ 1994 වර්ශයේදී. මම ඊට පෙර අහල තියෙනවා මොලමුරේ මැතිතුමාගෙන් ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කථානායක ධූරය අද තරම් හෑල්ලු වුණු යුගයක් මේ ඉතිහාසයේදී මම දැකල නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා පත්වීම පිළිබඳව සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවට අනුවයි ඒ කටයුත්ත සිදු වුණේ. ජාතික ආණ්ඩුවක් තිබුණා. කැබිනට් මණ්ඩලය හතලිස් පහක් හිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණා. මම ලිපියක් ඉදිරිපත් කරල ගත්ත තීන්දුව අනුව රටේ ඇති වුණු අරාජිකත්වය, රාජ්‍ය දේපල විකිණීම, රට විදේශීයකරණය, නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව තිබුණු ගැටළු නිසායි අපි ඒ තීන්දුව ගත්තේ.

ඒ ලිපිය මම ඉදිරිපත් කරනවාත් සමඟම ජාතික ආණ්ඩුව අවසන් වෙනවා. අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසිරෙනවා. ඒකයි නීතිය. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා විදියට මේ රට බේරගත්ත, මේ රටේ වැඩිම ජනතා ප්‍රසාදය හිමිවුණ නායකයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දෙනවා. ඒ දිවුරුම් දීම සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවට එකඟයි. සම්පූර්ණයෙන් රටේ නීතියට එකඟයි. ඒ පිළිබදව හිටපු අග්‍රාමාත්‍යවරයාත් දන්නවා. ඒ නිසායි එතුමන්ලා අධිකරණයට ගියේ නැත්තේ. නැත්නම් ඒකට අධිකරණයට යන්න තිබුණා. ඕනෑම කෙනෙකුට අධිකරණයට යන්න පුළුවන්. නමුත් එහෙම ගියේ නැහැ. අධිකරණයෙන් විවිධ පුද්ගලයින් අර්ථ නිරූපන ඉල්ලා සිටියත් ඒවා වැඩක් වුනේ නැහැ කියල අපි දන්නවා. මේ ප්‍රශ්නය පිළිබඳව කටයුතු කිරීම සම්බන්ධයෙන් එතුමා ඇතුළු ඇමති මණ්ඩලයට පැවරිලා තිබුණා.

පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගේ හැසිරීම පිළිබඳව ගැටළුවක් තිබුණා. ජනාධිපතිවරයාට පැවරිලා තිබුණු බලතල අනුවයි පාර්ලිමේන්තුව කල් තිබ්බේ.  ඒ කල් තිබ්බම නැවැත ජනාධිපතිවරයා කථානායකවරයා එක්ක කළ සාකච්ඡාවට පක්ෂ නායක සාකච්ඡාවට මම පළමු වතාවට ගියා. එහිදී එතුමා අග්‍රාමාත්‍ය ධූරය පිළිගත්තා. ආසන පනවන්න කාර්යාලය දෙන්න. ඒ කටයුතු කරන්න එකඟ වුණා. නමුත් දවස් හතරක් යද්දී එතුමා සම්පූර්ණයෙන් වෙනස් වුණා.

අපිට හිතාගන්න බැරිවුණා අපිත් එක්ක කථා කළ ඒ කරූ ජජයසූරිය මහත්තයත් ඊට පස්සේ කථා කළේ කියලා. ඊට පස්සේ වෙනම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. එතුමා සුපුරුදු පරිදි කටයුතු කරන්නේ නැතුව සම්ප්‍රදායට පිටින් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියන හැඟීමෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. එතන ඉදලා තමයි ජනාධිපතිතුමාට දැනුනා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් ඇති වෙනවා කියලා.

මොකද සම්පූර්ණයෙන් ව්‍යාවස්ථාවට පිටින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පිටින් කටයුතු කරන බව පෙනී ගියා. ඒ නිසායි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවන්න කටයුතු කළේ. සම්පූර්ණ ව්‍යාවස්ථාවට අනුවයි ඒ තීන්දුව ගත්තේ. නමුත් අධිකරණයට තාවකාලියකව අත්හිටුවීමක් කළේ. ඒකෙන් හැඟවෙන්නේ නැහැ නැවත පාර්ලිමේන්තුව කැඳවන්න බලයක්. අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසභංගයක් ගැන කතා කරන්න. එහෙම අවකාශයක් දුන්නේ නැහැ පාර්ලිමේන්තුවේදී. අධිකරණ නියෝගයේ කිසිම තැනක තිබුණේ නැහැ නැවත පාර්ලිමේන්තුව කැඳවන්න අග්‍රාමාත්‍යතුමාට විශ්වාසභංගයක් ගේන්න කථාවක්. තාවකාලිකව අත්හිටුවීමක් කලා පමණයි. අධිකරණ නියෝගයටත් එහා ගිහිල්ලා කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවන්න තීරණය කළා. ඒකත් කැඳවලා සම්ප්‍රදායට පිටින් විශ්වාසභංග යෝජනාවක් භාරගන්නවා. පාර්ලිමේන්තුව රැස්වුණාටත් පස්සේ විජිත හේරත් මන්ත්‍රීවරයා ඇවිල්ලා ගේනවා විශ්වාසභංග යෝජනාවක්.

මම දැකල තියෙනවා අනූගණන් වල විශ්වාසභංග යෝජනා ගෙනාවා. විශ්වාසභංග යෝජනා ගෙනත් භාර දීලා පක්ෂ නායක රැස්වීම් කැඳවලා ඊළගට දින නියම කරලා ඊටත් පස්සේ දවසක විවාදයක් තිබ්බා. දැන් මේ මොකක්ද. අපි දැක්කෙත් නැහැ ඒ ලියවිල්ල. විවාදයක් තිබුනෙත් නැහැ. යෝජනාව සම්මත කරන්න යනවා.

මේක පාර්ලිමේන්තුවක්ද මාළු කඩයක්ද කියල හිතාගන්න බැහැ. මෙතන කථානායකවරයා ලියවිල්ලක් දුන්නා කිව්වා. ඊට පස්සේ යෝජනා සම්මත කරනවා. සම්පූර්ණයෙන් එය නීත්‍යානූකූල නොවන අයුරින් එය කළේ. ඊට පස්සේ සද්දෙට අනුව සම්මත කරන්න හැඳුවා. අද ශබ්දය බැලුවා නම් අපේ පැත්තයි වැඩි. ආණ්ඩු පක්ෂයේ තමයි අද ශබ්දය වැඩි. ශබ්දයට යෝජනා සම්මත කරනවා. මේව මහ විහිළු.

පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැති වුණු දවසට රටේ ඊළගට දැවැන්ත කැරැළි නිර්මාණය වෙනවා. ජනාධිපතිතුමා මේ අනතුර දැක්කා. මේ ලේ හැලීම් දැක්කා. ඊයේ අපේ හතරදෙනෙක් තුවාල වුණා. පිහි අරගෙන දෙන්නෙක් ආවා.

මම දැක්කා ෆේස්බුක් වල දාලා තියෙනවා තෙවරක් නෙවෙයි සියවරත් පෙරුවත් මේ වගේ මිනිහෙක් හොයාගන්න නැහැ කියලා. ඇත්ත මේ වගේ පිස්සෝ හොයාගන්න අමාරුයි සියවරක් පෙරුවත්. මම නම් හිතන්නේ මොළය පරික්ෂා කරන්න ඕන. හැමදාම ඒ වගේ දේවල් කරන අයයි අද පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ.

මමත් ගියා පක්ෂ නායක රැස්වීමට. එතනදී පැහැදිලිව කථා වුණා මේව ව්‍යාවස්ථාවට පටහැනියි. අපි මුහුණ දෙන්න සූදානම්. මන්ත්‍රීවරු සල්ලි වලට විකිණුනා. වෙන්දේසි වුණා. නමුත් නීත්‍යානූකූල ක්‍රමයට මෙය එනවා නම් අපි කවුරුවත් අකමැති නැහැ. නව අග්‍රමාත්‍යතුමා එය පැහැදිලිව කිව්වා.

සමාන්‍යයෙන් කියනවා පාර්ලිමේන්තුව හෙටට කල්තිබ්බා කියලා. ඒ කියන්නේ ඊළග පාර්ලිමේන්තු දිනයට කියන එක. පාර්ලිමේන්තුවේ කල් ඉල්ලුවම සති දෙකකින් කල් දෙනවා. ඒ කියන්නේ ගොඩක් කල්. මම දන්නේ නැහැ මෙහෙම පාර්ලිමේන්තුවක් නම් මම දැකලත් නැහැ අහලත් නැහැ. මේක අරගනෙ හෙට තියනවා. ජනාධිපතිතුමා පිළිගත්තේ නැහැ ඒ ඊයේ ඉදිරිපත් කළ ලියුම. එතුමා තව එකක් කියනවා මම මේ අග්‍රාමාත්‍යවරයත් ඇමති මණ්ඩලයත් පිළිගන්නම් කියලා. මම දන්නේ නැහැ කොහේ තියන බලයක්ද කියලා. කථානායකවරයා මොනවහරි බීල ඇවිල්ලද කියලත් මට සැකයි. එවන් තත්වයක් තුලයි මේ ගැටුම ඇති වුනේ.

එකසැරේටම පොලිසියේ හතලිහක් පනහක් වැටක් බැඳගෙන එනවා. මම මෙලො දෙයක් දැක්කේ නැහැ. කථානායකවරයෙක් මගේ ඇහැට දැක්කේ නැහැ. මමත් එබි එබී බැලුව කොහේහරි මුල්ලකවත් ඉන්නවද කියලා. එහෙමවත් හිටියේ නැහැ. මම ඊළගට කනේ ගහගත්තා. ඒකෙන් සද්දයක් ආවා. මම හිතුවේ කථානායකවරයා කාර්යාලයේ ඉදල මොනවහරි කියනවා කියලා.

මොනවද කියාගෙන කියාගෙන ගියා. කාටවත් තේරුණේ නැහැ කිව්ව දේ. මේක විගඩමක්. අපි හැමෝම ගරු කලා කථානායකවරයාට. හොද බෞද්ධයෙක් විදියට පිළිගැනීමක් තිබුණා. එතුමා අද ඒක අමතක කරලා බටහිර මිතුරන්ට ඒන විදියට ඉටු කරන්න යනවා කියලයි මට නම් පේන්නේ. සුද්දෝ ටිකක් ඇවිත් ඉන්නවා පාර්ලිමේන්තුව බලන්න මේ දවස් වල. ඒ අයටයි පාර්ලිමේන්තුව තියෙන්නේ.

අපි මේ පිළිබඳව කණගාටු වෙනවා. අපි දන්නවා රටේ ජනමතය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. අගමැතිවරයා මේක පැහැදිලිව කිව්වා මේක දෙසිය විසිපහට නෙවෙයි රටේ ජනතාවට දෙන්න කියලා. කවුද ඡන්ද වලට බය. මේ විරුද්ධ පක්ෂය ඡන්ද වලට බයයි. ඡන්දයකට යෑමයි වඩාත් සුදුසු. එතකල් ගරු අග්‍රාමාත්‍යතුමා අග්‍රාමාත්‍යධූරයේ කටයුතු කරනවා.‘‘

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේ දැක නෑ" - මහින්ද
"කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේ දැක නෑ" - මහින්ද
http://am.lk/media/k2/items/cache/47edd0a49461b89ef01682f50e608363_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_482.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_482.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy