යාපනය දිස්ත්‍රීක්කයට බලපෑ අයහපත් සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති අතරම මුහුද රලු වීම හේතුවෙන් මුහුදු ගමන් නැවතීම නිසා...
යාපනය දිස්ත්‍රීක්කයට බලපෑ අයහපත් සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති අතරම මුහුද රලු වීම හේතුවෙන් මුහුදු ගමන් නැවතීම නිසා අද (16) සහ ඊයේ දින ඩෙල්ෆ් දූපතට උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන යාමට සිදුව ඇත.
ඊයේ සවස ඇති වූ සුලි සුලං තත්වයක් හේතුවෙන් යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි නිවාස 17 කට පමණ දැඩි හානි සිදුව ඇති බවට යාපනය ආපදාකලමනා කරන ඒකකය කියා සිටියේය.
සුලං හේතුවෙන් මුහුද රලු වීම හේතුවෙන් යාපනයේ ධීවරයින් ඊයේ දිනය පුරා මුහුදු ගමන්වලින් වලින් වැලකී සිටි අතර දූපත් අතර සිදු වූ මුහුදු ගමන්ද සම්පූරණයෙන්ම නැවත්වීමට සිදු වී තිබුණි.
දූපත් අතර සිදුවූ මුහුදු ගමන් වැලකීම හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් ඩෙල්ෆ් දූපතේ පිහිටා තිබූ බැවින් එහි සිසුන්ට ඊයේ සහ අද (16) ලබා දීමට තිබූ ප්‍රශ්න පත්‍ර ලබා දීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් යාපනය පලාත් අධ්‍යාපන බලධාරීන් ඒ බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය හරහා පලාලි ගුවන් හමුදාවට අදාළ ගැටලුව දැනුම් දී ඇත.
අනතුරුව ගුවන් හමුදාව විසින් ගුවන්හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවකින් උසස්පෙල ප්‍රශ්න පත්‍ර ඊයේ සහ අද දින ඩෙල්ෆ් දූපතට රැගෙන ගොස් අධ්‍යාපන නිලධාරීන් වෙතට භාර දීමට පියවර ගෙන ඇති අතර සිසුන් ගැටලුවක් නොමැතිව විභාගයට පෙනී සිටි ඇත.
මේ අතර යාපනය කරෙයිනගර් හි සුලි සුලං හේතුවෙන් නිවාස වලට හානි වූ පවුල් වෙත තාවකාලික ටෙන්ට් ලබාදීමටත් අවශ්‍ය පහසුකම් සැපයීමටත් යාපනය ආපදා කළමනාකරණ ඒකකය විසින් පියවර ගෙන ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS