ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කර තමන් මර්ධනය කිරීමට එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත් කරුවන්ගේ ...
ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කර තමන් මර්ධනය කිරීමට එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත් කරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරති.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය. එහිදී ඔවුන් චෝදනා කළේ තම තැන්පතු මුදල් ලැබෙනතුරු සිය සටන අත්නොහරින බවයි.
ETI ආයතනයේ මුදල් තැන්පත්කරුවන් මෙලෙස අදහස් දක්වනු ලැබීය.
“මට පැමිණිල්ල දාලා තියෙන්නේ මම පොල් ගෙඩියක් පෙන්නලා නම් ටික කිව්ව එකට දන්නෑ කියල මං ඔයාව සැක කරනවා. මොකද මට නම් කියන්න අයිතියක් තියනවා මගේ මුදල් අරන් තියෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය.”
“මම අහනවා ETI අධ්‍යක්ෂවරුන්ගේ අපේ මුදල් තැන්පතු කරලා තියෙන්නේ ඔබගේ ආයතනයේ.ETI ආයතනයට කරදර කරන්නේ නැත්තම් අපි කාටද කරදර කරන්න ඕනේ? පොලිසියේ මහත්වරුන්ගේනුත් අහන්න තියෙන්නේ අපිට අපි ETI ආයතනයට නොගිහින් අපි බොරැල්ල පොලිසියටද එන්න ඕනේ අපේ මුදල් ඉල්ලන්න? අපිට සැකයක් මතු වෙලා තියෙනවා මේ අවස්ථාවේදී මේ ETI අධ්‍යක්ෂකවරු යම් ආකාරයකින් අපිව අපිට වෙන වෙන වෙනත් කරුණු වලට පටලවා අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ද මේ කරන්න උත්සාහ කරන්නේ අපට සැකයක් තියෙනවා.”
එදිරිසිංහ සමූහ ව්‍යාපාරය අධ්‍යක්ෂවරුන් සිදුකළ පැමිණිල්ලකට අනුව ETI තැන්පත්කරුවන් කිහිප දෙනෙකුට ඊයේ බොරැල්ල පොලිසියට පැමිණීමට සිදු විය.
එම වීඩියෝව පහතින්,
COMMENTS