වවුනියාවේ සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින හින්දු පූ...
වවුනියාවේ සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින හින්දු පූජකවරු පිරිසක් හා ගම්වාසීන් එක්ව 16 දා පහර දීමට උත්සහ කොට තිබේ.
වවුනියාවේ සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයකි.
යුද සමයේදී නිලධාරීන්ට එම ප්‍රදේශයට යාමට නොහැකි වූ නිසා හින්දු පිරිසක් එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන හින්දු කෝවිලක් ඉදිකොට ඇත්තේ 1985 වසරේදීය.
පසුගිය නොවැම්බර් 3 දා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක් මේ ස්ථානයට පැමිණ කෝවිල සංවර්ධනය කිරීම සදහා මුදල් ආධාර සපයා දීමත් සමගම කෝවිලේ කටයුතු සංවර්ධනය කිරීමට ඉපැරණි බෞද්ධ නටබුන් කඩා ඉවත් කොට තිබේ.
කඩා ඉවත් කරණ ලද ස්ථානයේ නව ඉදිකිරීම් සිදු කිරීමට ගඩොල් වැලි ඇතුළු දේ රැගෙන විත් තිබේ.
සමලන්කුලම පුරා විද්‍යා ස්ථානයේ ඉපැරණි දාගැබක් හා නටබුන් පිහිටා ඇති අතර ඒවා විනාශ කොට ඇති බවට පුරා විද්‍යා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී හින්දු පූජකවරු හා ගම්වැසියෝ එක්ව නිලධාරීන්ට පහර දීමට උත්සහ කොට ඔවුන්ව එම ස්ථානයෙන් එළවා දමා තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS