අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍යධූරය අහිමිවූවා මෙන්ම විපක්‍ෂනායකධූරය හා එක්සත් ජාතික පක්‍ෂ නායක ධූරයද අහිමි වනු ඇතැයි ...
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍යධූරය අහිමිවූවා මෙන්ම විපක්‍ෂනායකධූරය හා එක්සත් ජාතික පක්‍ෂ නායක ධූරයද අහිමි වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ අනුමත නොකරන එක්සත් ජාතික පක්‍ෂයේ බොහෝ පිරිසක් ඉදිරියේදී රජය සමඟ එක්වන බව කී අලූත්ගමගේ මහතා ආණ්ඩුවට එක්කරගැනීම සඳහා කිසිවෙකුටත් වරප‍්‍රසාද, මුදල් ලබාදීමක් හෝ ඔවුන්ගේ කොන්දේසිවලට එකඟවීමක් නොකරන බව ද කීවේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙලූම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ දෙමළ ජාතික සන්ධානයට පවතින විපක්‍ෂනායකධූරය වෙනස් කිරීමේ බලාපොරොත්තුවක් නැති බවත්, එක්සත් ජාතික පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂය කළදේම දැන් ඔවුන්ට කරන බවත්ය.
COMMENTS