කොළඹ තිබෙන ඉඩමක් විකුණා හෝ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු සේවකයින්ට ගෙවිය යුතු හිඟ අර්ථසාධක මුදල් ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද ...
කොළඹ තිබෙන ඉඩමක් විකුණා හෝ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු සේවකයින්ට ගෙවිය යුතු හිඟ අර්ථසාධක මුදල් ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
"අවුරුදු 50ක් තිස්සේ මේක දෙන්නෙ නැතුව ඉන්නවා. ලබන අවුරුද්දේ අප්‍රේල් මාසයට කලින් වත්තේ ඉන්න අයට අර්ථසාධක අරමුදල් සේරම මම දාන්නයි යන්නේ. ජනාධිපතිතුමාත් එක්ක කතා කරනවා, කොළඹ තියෙන ඉඩමක් විකුණලා හරි ඔබලාගේ අර්ථසාධක අරමුදල් සේරම මම ලබාදෙනවා. වත්තේ ඔබ කොච්චර කල් වැඩකරනවාද ? අර්ථසාධක මුදල් මොනවත් ඔබට නැහැ. රජයේ අර්ථසාධක මුදල් දෙන්නෙ නැත්නම් මොකටද එහෙම රජයක් ? මම ජනාධිපතිතුමාට කිව්වා මට ජනතා වතු සංවර්ධන මණ්ඩලය දෙන්න කියලා. මේක නුවර තියෙන්නෙ, මගේ දෙමළ ජනතාවට වැඩ කරන්න ඕනේ කියලා. එහෙම ඉල්ලලා තමයි ජනවසම මම ලබාගත්තේ"
ඒ මහතා මේ බව පැවසුවේ නාවලපිටිය ගලබොඩවත්ත මාර්ගයේ කොටසක් ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (05) එක්වෙමිනි.
COMMENTS