දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැඩේට් පුහුණු කරන, පරිගණකයෙන් වැඩ කරන දෑස් නොපෙනෙන පාසල් ගුරුතුමා
Homeප්‍රවෘත්ති

කැඩේට් පුහුණු කරන, පරිගණකයෙන් වැඩ කරන දෑස් නොපෙනෙන පාසල් ගුරුතුමා

PropellerAds

ඇස් පේන්නේ නෑ කියන එක ජීවිතය ජයගන්න බාධකයක් නෙවෙයි. ඇස් නොපෙනුණාට මගේ ළඟ වෙනත් ශක්තීන් තියෙනවා. මම සමාජයට සේවය කරන්නේ සමාජයේ අනෙක් අයගේ ඇස...

බස් වර්ජනය ක්‍රියාත්මකයි - මගීන් අසීරුතාවයක
කතානායක නිල නිවස ආරක්ෂක විද්‍යායතනයක් වෙයි
හැඳුනුම්පත් කාර්යාලය මේ සෙනසුරාදාත් විවෘතයි


ඇස් පේන්නේ නෑ කියන එක ජීවිතය ජයගන්න බාධකයක් නෙවෙයි. ඇස් නොපෙනුණාට මගේ ළඟ වෙනත් ශක්තීන් තියෙනවා. මම සමාජයට සේවය කරන්නේ සමාජයේ අනෙක් අයගේ ඇස්වලින්"



මේ ධෛර්යවන්ත වචන පිට කළේ, ඇස් දෙක ම නොපෙනෙන නමුත්, සමස්ත පාසලක බර සිය කර මත තබාගෙන වෙහෙසෙන උපාධිධාරී ගුරුවරයෙකි.

1993 පෙබරවාරි මස 01 වන දා ගුරු පත්වීම් ලැබූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ්‍යය විෂය ධාරාවේ මහජන පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මංගල මුණසිංහ නමැති මෙම සුවිශේෂී ගුරුවරයා කළුතර අධ්‍යාපන කොට්ඨාසයේ බෝම්බුවල, ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ වසර ගණනාවක සිට සේවය කරයි.

එම විද්‍යාලයේ විදුහල්පති සරත් එගොඩඋයන පැවසුවේ, පාසලේ සෑම කටයුත්තක් ම පාහේ මෙම ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ය.

"ඇස් දෙක ම නොපෙනුණත් මේ ගුරුතුමා කරන වැඩ දැක්ක ම ඇත්තට ම ආඩම්බරයක් දැනෙනවා. ඒ වගේ ගුරුවරයෙක් සිටින පාසලක විදුහල්පතිවරයෙකු වීම මට විශාල සතුටක්. 21 වෙනි සියවසට ගැළපෙන ආකාරයට ළමයින්ගේ අනාගතය හැඩ ගස්වන්න එතුමා කරන මෙහෙය අතිවිශාල යි"

බෝම්බුවල, ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ සියලු වගකීම් දරන්නේ, ඔහු ය. දෑස් නොපෙනුණ ද මංගල ගුරුතුමා ශිෂ්‍ය භට ඛණ්ඩයේ පුහුණුකරුවා වශයෙන් ද ක්‍රියා කිරීම පුදුමයට කරුණකි.

"මම මේක මුලින් ම පටන් ගත්තේ තූර්ය වාදක කණ්ඩායමක් විදියට යි. ඒ කාලේ අපේ පාසලට තූර්ය වාදක භාණ්ඩ තිබුණෙ නැහැ. වෙනත් පාසලකින් ඉල්ලගෙන ඇවිත් තමයි මම ළමයින්ට පුරුදු කළේ" මංගල මුණසිංහ සිය අතීතය සිහි කරයි.

තූර්ය වාදක කණ්ඩායමකින් ඇරඹි එය 2015 වසරේ සිට ශිෂ්‍ය භට ඛණ්ඩයක් දක්වා වර්ධනය වී තිබේ.



සමස්ත ලංකා ශිෂ්‍ය භට තරගාවලියේ පදක්කම් 3 ක් දිනා ගැනීමට එම විදුහලේ ශිෂ්‍ය භට ඛණ්ඩයට හැකි විය.

ඒ, දක්ෂතම වෙඩි තබන්නා, දක්ෂතම ආත්ම විශ්වාසී ධාවකයා සහ දක්ෂතම ආත්ම විශ්වාසී කණ්ඩායම යන පදක්කම් තුන යි.

ඊට අමතරව, සමස්ත ලංකා ශිෂ්‍ය භට තරගාවලියේ 17 වන ස්ථානයට පත් වීමට ද බෝඹුවල, ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩයට හැකි වූයේ, මංගල මුණසිංහගේ කැපවීම නිසා බවට විදුහල්පතිවරයා ද සාක්ෂි දරයි.

"කැඩේට් තරගවලදී ශිෂ්‍ය භටයින්ට සිද්ධ වෙනවා විවිධ සරඹ සංදර්ශන කරන්න. ඒ සරඹ නිර්මාණය කරල පුහුණු කරන්නෙත් මම. මට ඇස් පෙනුණ කාලෙ දකින්න ලැබුණ රූප යොදාගෙන ඒ සරඹ නිර්මාණය කරනවා. අපි මෙවර සංදර්ශනයේදී ශිෂ්‍ය භටයින් යොදාගෙන මුලින් ම මලක හැඩයක් නිර්මාණය කළා. මල වෙනස් වෙලා කොටු 5ක් හැදුවා. කොටු පහෙන් සමනලයෙක් හැදුවා. සමනලයාගෙන් පස්සේ සම චතුරශ්‍රයක් නිර්මාණය කරල ඒක නැවක හැඩයක් පේන විදිහට සරඹ සංදර්ශනය කළා"

ඔහුගේ හිතේ ඇඳෙන හැඩතල ශිෂ්‍ය භටයින් පිට්ටනියක් මත මවන්නේ කෙසේ ද?

"මගේ ඇස් නොපෙනුණාට ළමයින්ට ඇස් පේනවනෙ. ඒ වගේ ම ඒ දරුවන්ට මම කියන දේ දැන් ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්.කැඩෙට් සංදර්ශනවල හැඩතල පවා මම නිර්මාණය කරනවා. ඒවා හිතෙන් නිර්මාණය කරල ළමයි තියන්න ඕන පියවර ගාන හිතෙන් ගණනය කරල දරුවන්ට මම මගේ හැඩතල ගැන කියනවා. එතනදි ළමයින්ගෙ අදහසුත් අරගෙන මම වැඩ කරනවා."

තමන් වෙනුවෙන් කැපවී සේවය කරන සිය ගුරුවරයා පිළිබඳව පාසලේ සිසුන් තුළ ඇත්තේ, ඉමහත් ගෞරවයකි.

"අපි කැඩේට් පුහුණුවීම් කරනකොට අපිට කවන්නෙත් සර් තමා. ඒ සර් නිසයි අද අපි මේ ජයග්‍රහණ ඔක්කොම ලබල තියෙන්නෙ" ශිෂ්‍ය භට කණ්ඩායමේ සිසුවෙක්  පැවසීය.

විදුහල් මාධ්‍ය ඒකකය

අගනුවරින් තරමක් දුරින් පිහිටි සාමාන්‍ය පාසලක් වන බෝම්බුවල, ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය ද මංගල මුණසිංහ ආරම්භ කළ තවත් ව්‍යාපෘතියකි.



"අපි වසර දෙකකට වගේ සැරයක් පාසලේ ගුවන් විදුලි සේවයක් කරනවා. ඒකෙන් පාසලේ ඉඳන් කිලෝ මීටර් 6ක් විතර දුරකට සංඛ්‍යාත විහිදුවා හරිමින් පාසල් ගුවන් විදුලි සේවාවක් කරගෙන යනවා. මේක හරහා නවක නිවේදක නිවේදිකාවන්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා" මංගල මුණසිංහ ගුරුතුමා පැවසීය.

මේ සම්බන්ධයෙන් විදුහල්පති සරත් එගොඩඋයන සඳහන් කළේ, "මේ සර් කරගෙන යන මාධ්‍ය ඒකකය නිසා ජාතික මට්ටමේ නිවේදක නිවේදිකාවන් පවා බිහි වෙලා තියෙනවා. ඊට අමතරව, රංගන ශිල්පීන්ට පවා අවස්ථා ලැබිලා තියෙනවා" යනුවෙනි.

ඔහුගේ අතීතය

සිය පියාගේ රැකියාව හේතුවෙන් ළමා කාලයේ නුවරඑළියේ පදිංචිව සිටි මංගල මුණසිංහ ඉගෙනුම ලැබූ පාසල, නුවරඑළිය ගාමිණී ජාතික පාසල යි.

ඔහු මේ වන විට පියාගේ ගම් ප්‍රදේශය වූ කළුතර, දොඩම්ගොඩ, රේන්දපොළ ප්‍රදේශයේ පදිංචි වී සිටී.

කුඩා කාලයේ ඇස් පෙනීම සාමාන්‍ය පරිදි පැවතිය ද පාසල් යන අවධියේදී ඇස්වල පෙනීම අඩුවන්නට පටන් ගත් බව ඔහු පැවසීය. ඇස්වල ස්නායු සම්බන්ධයෙන් වූ දෝෂයක් හේතුවෙන් ඔහුට විදුලි ආලෝකයෙන් පාඩම් කිරීම නතර කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුණ ද ඔහු සිය අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී නොමැත.

එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රමක්‍රමයෙන් ඇසෙහි පෙනීම අඩු වූ විට ඔහු ප්ලැටිග්නම් වැනි විශාල තුඩ සහිත පෑන් භාවිත කර ඇත. ඔහු කෙසේ හෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ද ලබා ගත්තේ ය.

"මගේ පෙනීම සම්පූර්ණයෙන් ම නැතිවෙලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. දැන් මට කිසි දෙයක් පේන්නෙ නැහැ. ඒත් මගේ ආබාධය නිසා ළමයින්ට අඩුපාඩුවක් නොවෙන්නයි මම කටයුතු කරන්නෙ. මං වැඩ කරන්නෙ ජීවිත රැසක් එක්ක. ඒ නිසා මගේ ආබාධය කාටවත් කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ"

නවීන තාක්ෂණය සමග ද ගනුදෙනු කරන මේ සුවිශේෂී ගුරුවරයා ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිත කරන අතර තමන්ගේ රැකියාවට අවශ්‍ය සියලු දේ පරිගණකයෙන් සකස් කර ගැනීමේ හැකියාව ද ඔහු සතු ය.


"මම පාසලේ උගන්වන්නේ ව්‍යාපාර අධ්‍යයනය විෂය. ඒකට අදාළ නිබන්ධන, පාඩම් ඔක්කොම මම පරිගණකයෙන් සකස් කර ගන්නවා. මට පරිගණකයේ ටයිප් කරන්නත් පුළුවන්"

"මගේ පුත්තු ගැන මට ආඩම්බර යි"

මංගල මුණසිංහ විවාහකයෙකු වන අතර පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුගේ පුතුන් දෘශ්‍යාබාධ සහිත වූවන් නොවේ. වැඩිමහල් දරුවා මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු වන අතර බාල පුත්‍රයා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකි.

"මම ගොඩක් සතුටු වෙනව මගේ බිරිඳ සහ දරුවන් දෙන්නා ගැන. මට කිසිම දුකක් දැනිල නෑ ඒ අය නිසා. මගේ දරුවන් දෙන්නා දැන් ඉන්න තැන ගැනත් මට ආඩම්බරයි. ඇතැම් පුත්තු ඇස් පේන තාත්තලාටත් වංචා කරන කාලෙක මේ අන්ධ තාත්තාට මගේ පුත්තු කවදාවත් වංචාවක් කරල නෑ"

ආබාධ සහිත දරුවන්ට කිසිවෙකුගේ අනුකම්පාව හිමි විය යුතු නැති බව ඔහුගේ අදහසයි.

"ආබාධිත දරුවෙක් ඉන්න පවුලක, ආබාධිත දරුවෙක් ඉන්න පන්තියක ඒ දරුවන්ට අනුකම්පාව නෙවෙයි ඕන, උපකාරය. අනුකම්පා කළොත් එවැනි දරුවන් මානසිකව වැටෙනවා. එතකොට එයා හැම වෙලාවෙ ම හිතනවා තමන් අනිත් අයට වඩා පහළින් ඉන්නෙ කියලා"

"ගොඩක් ළමයි ඉගෙන ගන්නෙ නැත්තෙත්, ගොඩක් තරුණ අය ජීවිතේ ජය ගන්නෙ නැත්තෙත් ඔවුන් තමන්ට තියෙන ප්‍රශ්නවල ජීවත් වන හින්ද. මොන ප්‍රශ්න තිබුණත් අභියෝගවලට මුහුණ දීල ජය ගන්න එකයි සාර්ථකත්වය කියන්නේ. ඇස් පේන්නේ නැහැ කියල මම පැත්තකට වුණේ නැහැ. මගේ ඇස් විතරයි පේන්නෙ නැත්තෙ. මට තව ශක්තීන් තියෙනවා. ඒවායින් ප්‍රයෝජන අරගෙන රටට ලෝකයට සේවයක් කිරීමයි මගේ අරමුණ" මංගල මුණසිංහ නමැති දෑස් නොපෙනෙන ඔහු දෑස් ඇත්තවුන්ට දුන් උපදෙසයි, ඒ.
උපුටා ගැනිම-BBC Shinhala



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැඩේට් පුහුණු කරන, පරිගණකයෙන් වැඩ කරන දෑස් නොපෙනෙන පාසල් ගුරුතුමා
කැඩේට් පුහුණු කරන, පරිගණකයෙන් වැඩ කරන දෑස් නොපෙනෙන පාසල් ගුරුතුමා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_hQLtx0ZiavdfA68W_7C6sZ-R9MiupH7uSQrJaDfAg3nCyOpCyFWCPsAYiPyc4OS4dGz1tfQ_WHKm-IeLnE0KC-Vu5GPe5JjgIn_3NW1-RCWlZcd53UImAReHw3iJR005c9WiXkReb6A/s640/Untitled-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_hQLtx0ZiavdfA68W_7C6sZ-R9MiupH7uSQrJaDfAg3nCyOpCyFWCPsAYiPyc4OS4dGz1tfQ_WHKm-IeLnE0KC-Vu5GPe5JjgIn_3NW1-RCWlZcd53UImAReHw3iJR005c9WiXkReb6A/s72-c/Untitled-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_211.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_211.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy