මෙවර අධ්‍යයන පොදු සහතිකන පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා ලබන සෙනසුරාදා දින පුද්ගලයි...
මෙවර අධ්‍යයන පොදු සහතිකන පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා ලබන සෙනසුරාදා දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තැබීමට තීරණය කර තිබේ.
මෙතෙක් හැඳුනුම්පත් සකස් කර නොගත් පාසල් සිසුන් වෙනුවෙන් එදිනට හැඳුනුම්පත් සකස් කර ගැනීම සඳහා විශේෂ එක් දින සේවාවක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබාදීම සඳහා පසුගිය සති දෙක තුළ ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තබනු ලැබිණි.
එම දිනවලදීද බොහෝ දෙනෙකු දෙපාර්තමේන්තුවට පැමිණ හැදුනුම්පත් සකස් කරගැනීම සිදුකරන බව වාර්තා වේ.
ඒ අනුව තවදුරටත් හැඳුනුම්පත් ලබානොගත් ඉල්ලුම්කරුවන් වෙනුවෙන් ලබන 03 වන දින ද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා සුහුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තැබීමට තීරණය කර තිබේ.
COMMENTS