අද (02) පෞද්ගලික බස් දිවයින පුරා වර්ජනයක් ඇරඹීය. ඒ අනුව ඇතැම් ප්‍ර දේශ කිහිපයක හැර එම බස් වර්ජනය ක්‍රියාත්මක කර තිබේ. මේ හේතුවෙන් අද උදෑස...
අද (02) පෞද්ගලික බස් දිවයින පුරා වර්ජනයක් ඇරඹීය.
ඒ අනුව ඇතැම් ප්‍ර දේශ කිහිපයක හැර එම බස් වර්ජනය ක්‍රියාත්මක කර තිබේ. මේ හේතුවෙන් අද උදෑසන ජනතාව මහත් අපහසුතාවයට ලක් ව තිබිණි.
හෝමාගම, පානදුර, මහරගම, පාදුක්ක ඇතුළු ප්‍ර දේශ ගණනාවක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක අතර ඒ වෙනුවට ලංගම බස් රථ යොදවා තිබේ.
වර්ජනය හේතුවෙන් මගී ප්‍රවාහනය අඩාලවිම වැළැක්විම සදහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා සදහන් කළේ ප්‍රවාහන කටයුතු සඳදහා ලංගම බස් රථ හැකි උපරිමයෙන් යෙදවිමට පියවර ගෙන ඇති බවයි.
වර්ජනය අඛණ්ඩව පැවතියහොත් සාමාන්‍ය පෙළ සිසුන් ප්‍රවාහනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බොහෝ පළාත්වල සිසුන් පාසැලට පැමිණීමද අඩු වී ඇත.
වැරදි කරන රියදුරන්ට රුපියල් 25000ක් දක්වා දඩ මුදලක් මුල් කරගෙන මෙම වර්ජනය පැවැත්වේ.
COMMENTS