යාපනය විශ්වවිද්‍යාලය තුල මහවිරු සැමරුම සිදු කල හැකි වුවද කිසිදු අයුරකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයට අයත් ධජයක්...
යාපනය විශ්වවිද්‍යාලය තුල මහවිරු සැමරුම සිදු කල හැකි වුවද කිසිදු අයුරකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයට අයත් ධජයක් හෝ කිසිදු නීතිවිරෝධී සැමරුමක් සිදු කිරීම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් පැනවීය.
යාපනය කෝපායි පොලීසිය විසින් පසුගිය 21 වනදා යාපනය මහේත්‍රාත් එස් .සදීස්කරන් මහතාගෙන් තහනම් නියෝගයක් ලබා දෙන ලෙසින් ඉල්ලා සිටියේ යාපනය විශව්විද්‍යාලය තුල මහවිරු සැමරුම් මුවාවෙන් සිදු කෙරෙන නීති විරෝධී කොටි සංවිධානය සිහිකිරීම් සිදු කෙරෙන බැවිනි.
කෙසේ වෙතත් කරුණු සලකා බැලූ යාපනය මහෙස්ත්‍රාත් වරයා තීන්දුව 23 වනදිනට කල් තැබූ අතර මේ අනුව අද දිනයේදී යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් නියෝගය ලබා දෙමින් කියා සිටියේ,
‘මහවිරු සැමරුම් වෙනුවෙන් වෙනත් පලාත් වල සිදු කෙරෙන අයුරින් සාමාන්‍ය ආකාරයෙන් මිය ගිය අය සිහිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවටද කිසිදු අයුරකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් හෝ කොටි සංවිධානය ප්‍රදර්ශනය කෙරෙන කිසිදු සැමරුමක් සිදු කිරීමට තහනම් බවටත් එසේ සැමරීමක් සිදු කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගන්නා බවටත්ය.
කෙසේ වෙතත් මේ වන විටත් යාපනය විශ්ව විද්‍යාලය භූමිය පුරා මහවිරු සැමරුම් වෙනුවෙන් විවිධ වූ සැරසිලි සිදු කල ඇති අයුරු දැක ගත හැකිය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS