අලුත් ආණ්ඩුව යටතේ පත් කළ නව කැබ්නට් මණ්ඩලය අනුව නීතිය හා සාමය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා තිබේ. ඒ අනුව ...
අලුත් ආණ්ඩුව යටතේ පත් කළ නව කැබ්නට් මණ්ඩලය අනුව නීතිය හා සාමය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා තිබේ.
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට හිමිවිය.
ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසූවේ එම දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමා යටතේ ඇති අමාත්‍යාංශයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයාට අමාත්‍යවරයා සතු බලතල හිමිවන බවයි.
මේ අතර තරුණ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ධූරයද ජනාධිපතිවරයා යටතට පවරා තිබේ.
COMMENTS