දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරට නව විදුලි බලාගාරයක් : අවම මිලට පරිසර හිතකාමී විදුලිය.
Homeගොසිප්

උතුරට නව විදුලි බලාගාරයක් : අවම මිලට පරිසර හිතකාමී විදුලිය.

PropellerAds

යාපනය දිස්ත‍්‍රික්කයට අයත් චාවකච්චේරි ප‍්‍රදේශයේ මෙගා වොට් දහය බැගින් වූ  නව සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා සීලෙක්ස් පුද්ගලික සම...

A2Z Events & Promo Launch Party
ගෙවල් නැති කලාකරුවන්ට හම්බන්තොට උදාගමක්
අමල් පෙරේරා ඉස්සුවැයි සැකකළ සුදු කැස්බෑවාගේ සිරුර ගොඩගැනේ


යාපනය දිස්ත‍්‍රික්කයට අයත් චාවකච්චේරි ප‍්‍රදේශයේ මෙගා වොට් දහය බැගින් වූ  නව සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා සීලෙක්ස් පුද්ගලික සමාගම සහ ජාතික සංවර්ධන බැංකුව අතර ණය ගිවිසුම  පසුගියදා (21) අත්සන් කලා.

සුනිත්‍ය බලශක්ති ප‍්‍රභවයන් හරහා පාරිසරිකව සහ ආර්ථිකමය වශයෙන් රටට වඩාත් හිතකර ලෙස විදුලිබලය නිශ්පාදනය කිරීම රජයේ තිරසාර සංවර්ධන ප‍්‍රතිපත්තියේ ප‍්‍රමුඛතම අරමුණකි. මෙහිදී සුළං බලය ඉතා වැදගත් බලශක්ති ප‍්‍රභවයකි. 2020 වසර වන විට මෙගාවොට් 200 - 300 අතර  පරාසයක විදුලිබල නිශ්පාදනයක් සුනිත්‍ය බලශක්ති ප‍්‍රභවයන් හරහා ජනනය කිරීමට සැලසුම්කර කර තිබේ. 

රජයේ එම ජනන සැලසුම ප‍්‍රකාරව ඉදිකිරීමට නියමිත මෙම බලාගාරය තාක්ෂණික සහ පාරිසරිකම අතින් මෙන්ම එහි වන සමාජීව වටිනාකම අතින්ද සුවිශේෂි ව්‍යාපෘතියක් වේ. දීර්ඝ කාලයක් යුද්ධයෙන් පීඩා විදි  උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්වයන් ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු මෙවැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වල ඇති වැදගත්කම ඉතා විශාලය. උතුරු නැගෙනහිර පළාත්වල මහත් ව්‍යවසනයක් සිදුකල කුරිරු යුද්ධය 2009 වසරේදී අවසන් වුවද එම ප‍්‍රදේශවල පසුගිය දස වසර තුල පුද්ගලික ආයෝජනයන් හරහා සිදුවූ ආර්ථික දියුණුව ඉතා අල්පය. ජාතික සංහිඳියාව ඇතිකිරීමට දකුණේ සමාගම් උතුරේ ආයොජනය කිරීම අත්‍යාවශ්‍යය. මෙම  සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඒ සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.

මෙම ගිවිසුමට අදාළ ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙය  ශ‍්‍රී ලංකාවේ සුළං බලාගාරයක් ඉදිකිරීම සදහා විවෘත ටෙන්ඩර් කැඳවූ පළමු අවස්ථාව වන අතර මෙතෙක් පැවති ශ‍්‍රී ලංකාවට දැරිය නොහැකි අධි මිල ගාස්තු වෙනුවට ජාත්‍යන්තර මිළ ගණන් වලට සමඟාමීව විදුලි ඒකකයක් සදහා නිසි මිළ සහිතව ඉදිකරන පළමු ව්‍යාපෘතිය වේ.

ඉදිරි වසර 20ක කාලය තුලදී විදුලි ඒකකයක සාමාන්‍ය මිල  රුපියල් 10.90ක් වන තරම්  අඩු අගයක් යටතේ මෙම බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සැපයීමට සැලසුම් කර තිබේ. විදුලිබල මණ්ඩලයට දැනට සුළං බල විදුලි ඒකකයක් සඳහා වැය වන රුපියල් 20 පමණ වන පිරිවැය සමඟ සසැදීමේදී මෙම  අගය රටට ඉතා වාසිදායකය. අඩු වියදමක් සහිත සුළං විදුලි නිශ්පාදනය පිළිබඳව සීලෙක්ස් සමාගම විසින් ලබාදුන් මෙම ආරම්භය, රටේ ජනතාව සතු වත්කමක් වන සුළං  බලය අසාධාරණ ලෙස ලාභ ඉපයීමට භාවිතා නොකර  පොදු ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා නිසි ප‍්‍රතිලාභ ලැබෙන අයුරින් භාවිතා කිරීමට මංපෙත් විවර වේ.

මෙතෙක් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ සියලූ සුළං විදුලි බලාගාර සදහා භාවිතා වූ ටර්බයින වල උපරීම ජනන ධාරිතාවය මෙගා වොට් 1.5 කට සීමා වූ අතර මෙම ව්‍යාපෘතියේදී නවීන තාක්ෂණයෙන් යුතු මෙගා වොට් 2.5ක ධාරිතාවයක් සහිත ජනන යන්ත‍්‍ර අටක් ඉදිකරනු ලබයි. ජනන යන්ත‍්‍ර (ටර්බයින්) වල ධාරිතාවය වැඩි වීම නිසා අඩු ඉඩම් ප‍්‍රමාණයක් භාවිතා කොට වැඩි විදුලි බලයක් නිපදවීමට හැකියාව ලැබී ඇති අතර සුළං බල සම්පත වඩා කාර්‍යක්ෂම භාවිතා කිරීමේ හැකියාවද හිමිවී තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 28ක පමණ මුදලක් වැය වන මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික සංවර්ධන බැංකුව (NDB BANK) විසින් රුපියල් මිලියන 3000ක ණය මුදලක් ලබා දෙන අතර සීලෙක්ස් සමාගම සහ ලංකා වෙන්චර්ස් ආයතනය විසින් ඉතිරි මුදල කොටස් ප‍්‍රාග්ධනය ලෙස ආයෝජනය කරනු ලබයි.

යුරෝපීය පරිසර ආරක්ෂණ ප‍්‍රමිතීන්ට අනුව දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් ඉදිවන මෙම බලාගාරය 2019 වසෙ මැද  භාගයේදී ජාතික පද්ධතිය  සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබේ.

සීලෙක්ස් සමාගම වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී නිසල් පෙරේරා මහතාත්, ජාතික සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරි දිමන්ත සෙනවිරත්න මහතාත් ණය ගිවිසුම සඳහා අත්සන් කරන ලද අතර දෙපාර්ශවයේම නියෝජිතයින් කිහිප දෙනෙකුද එම අවස්ථාවට සහභාගී විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරට නව විදුලි බලාගාරයක් : අවම මිලට පරිසර හිතකාමී විදුලිය.
උතුරට නව විදුලි බලාගාරයක් : අවම මිලට පරිසර හිතකාමී විදුලිය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf0LnxsxrmlVCX6wbVQWUsvzkjVwbKBdwj6GtmPfEOB42ljCS6wDj3NKRhe7neEtLQLxXICm7vdpFmFcqyIHa2othN8t3Vau3FPqUq25GBZtzR5MzCTW7ds6qUizoafMKiHjJkJK0dbUZQ/s1600/chunnakkam.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf0LnxsxrmlVCX6wbVQWUsvzkjVwbKBdwj6GtmPfEOB42ljCS6wDj3NKRhe7neEtLQLxXICm7vdpFmFcqyIHa2othN8t3Vau3FPqUq25GBZtzR5MzCTW7ds6qUizoafMKiHjJkJK0dbUZQ/s72-c/chunnakkam.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_792.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_792.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy