ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් වන දුමින්ද දිසානායක මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර අද රහසිගත සාකච්ජාවක් පවත්වා ඇති බවට විශ්වාස කට...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් වන දුමින්ද දිසානායක මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර අද රහසිගත සාකච්ජාවක් පවත්වා ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත පැවසීය.
අද පෙරවරුවේ දුමින්ද දිසානායක මහතාගේ නිවසේදී මෙම සාකච්ජාව පවත්වා ඇති අතර එම සාකච්ජාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වූ බවද සඳහන් වේ.
දුමින්ද දිසානායක මහතාගේ සහය අභිනව රජයට ලබා ගැනීම සඳහා මෙහිදී කරුණු සාකච්ජා කළ අතර දුමින්ද දිසානායක මහතා ඒ සඳහා කොන්දේසියක්ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එම කොන්දේසිය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින ගැටළු කිහිපයක් බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් කඩිනමින් විසදුම් ලබා දීමයි.
COMMENTS