ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රථගාලේ රථවාහන නතර කිරිම සම්බන්දයෙන් විශේෂඥ වෛද්‍යවරු හා සෙසු වෛද්‍යවරු අතර ඇතිවි තිබෙන ගැටළුව සදහා රෝහල් අධ්...
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රථගාලේ රථවාහන නතර කිරිම සම්බන්දයෙන් විශේෂඥ වෛද්‍යවරු හා සෙසු වෛද්‍යවරු අතර ඇතිවි තිබෙන ගැටළුව සදහා රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් සාධනිය විසදුමක් ලබාදි ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් මංජුල ද සොයිසා මහතා පවසයි.
මෙකි ගැටළුව සම්බන්දයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් ලබාදුන් සාධනිය විසදුම නිසා අද (12) දින රෝහලේ ඒකක 05ක වෛද්‍යවරුන් විසින් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු වෘත්තිය ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හැර දැමිමට තින්දු කළ බැව් මංජුල සොයිසා මහතා පැවසිය.
ඔහු මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.
“අද (12) උදෑසන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව රැස්වුනා. එහිදි රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් මෙකි ගැටළුව සම්බන්දව ලිඛිතව ලබාදි ඇති ලිපිය ගැන සාකච්ඡා කළා. රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් පළමු වතාවට තමයි මෙම ගැටළුවට මෙවැනි ලිපියක් ලබා දුන්නේ. එම ලිපියේ ගැටළුකාරි තැන් තිබුනත් මේ සදහා ලබාදුන් සාධනිය විසදුම නිසා රෝහලේ එකක 05ක වෛද්‍යවරු ඊයේ දින එම ඒකකවලින් ඉවත්විමට ගත් තින්දුව තාවකාලිකව ඉවත්කරගත්තා. නමුත් යලි තර්ජනකාරි තත්වයක් ඇතිවුවහොත් යලි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනිමට බලාපොරොත්තු වෙනවා.මෙකි ඒකක 05 වෛද්‍යවරුන්ට අදාල රථ ගාලේ වාහන නතර කරන්න හැකි බවට රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කොට තියෙනවා. අපි රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටිනවා ලිපියේ සදහන් තින්දු තිරණ ක්‍රියාත්මක කරන්න කියලා. එමෙන්ම වෛද්‍යවරුන්ට නිසි පරිදි ආරක්ෂාව ලබාදිය යුතු වෙනවා.” යැයිද මංජුල සොයිසා මහතා පැවසිය.
(ලලිත් චාමින්ද)
COMMENTS