භාරකාර ආණ්ඩුවක් නැති නම් බරකරත්ත ආන්ඩුවක් හරි ගෙනැවිත් වත්මන් අගමැතිවරයා සහ ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුනේ නායක නී...
භාරකාර ආණ්ඩුවක් නැති නම් බරකරත්ත ආන්ඩුවක් හරි ගෙනැවිත් වත්මන් අගමැතිවරයා සහ ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුනේ නායක නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (14) දහවල් ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"මේ ආණ්ඩුව නොමැතිව ඕනම ආන්ඩුවක් භාරකාර ආණ්ඩුවක් හරි කමක් නෑ. බරකකරත්ත ආණ්ඩුවක් හරි කමක් නෑ. මේ හාදයෝ ටික නැතිව. මොකද මේ ආණ්ඩුව ඇවිල්ලා රටේ ජනතාවට උඵරිම දුක දීලා තියෙන්නේ. අද දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. අද රස්සාවක් සොයාගන්න නෑ ගමේ ආර්ථිකය විනාශ වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ බාර කාර ආන්ඩුවක් නෙමේ බරකරත්ත ආන්ඩුවක හරි දාලා මේ අගමැතිවරයා සහ හොරු රැළ ගෙදර අරින්න ඕන කියන එක තමයි පැහැදිලිවම එක්සත් ජාතික නිදහස් පෙරමුනේ අපි කියන්නේ. මේ ආණ්ඩුව පැහැදිලිවම ඡන්ද තියන්නේ නැහැ. එතකොට දැන් ජනතා විමුක්ති පෙරමුනෙන් විසි වැනි ව්‍යවස්තා සංශෝධනයක් ගෙනැල්ලා තියෙනවා. මේ ගැන ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කරලා තියෙනවා.”
“ආණ්ඩුවට බැරිනම් පළාත් සභා මැතිවරණ ටික තියෙන්න කරුණාකරලා ජනමති විචාරණයකට යමු. විසි වැනි සංශෝධනය අනුමත කරනවාද නැද්ද මේ ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙත අනුගමනය කරනවාද නැද්ද මේ ආන්ඩුව රටේ ජනතාවට සේවය කරනවාද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්නම් ජනමත විචාරනයකට යන්න කියලා අපි මේ ආන්ඩුවේ සියලුදෙනාටම කියනවා. ජනමත චිචාරණයකට දැම්මට පස්සේ තෙරුම් ගන්න පුළුවන් වෙයි මේ රටේ ජනතාව කොතැනද ඉන්නේ කියන එක. මේ ආණ්ඩුව ගෙදර අරින්න ඕනේ කියලා ජනතාව පැහැදිලිවම තීරනය කරලා හමාරයි.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
(ලලිත් චාමින්ද)
COMMENTS