අකරගම සිද්ධිය සම්බන්ධයෙන් තමා පක්ෂයෙන් ඉවත් කළද, ඇමතිධුරය ඉවත් කළද සමාව නොගන්නා බව රන්ජන් රාමනායක මහතා පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ...
අකරගම සිද්ධිය සම්බන්ධයෙන් තමා පක්ෂයෙන් ඉවත් කළද, ඇමතිධුරය ඉවත් කළද සමාව නොගන්නා බව රන්ජන් රාමනායක මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
කෙසේ වුවද වරදක් සිදු නොකළත් පරිසර දුෂණයට විරෝධය පෑ ජනතාව ගේ ඉල්ලීම් ඉටුකළහොත් අවශ්‍යනම් ඕනෑම කෙනෙක්ගෙන් සමාව ගැනීමට සුදානම් බවත් හෙතෙම එහිදී කියා සිටියේය.
"මම මේ දේ කළේ බොහොම අවංකව, මම මැරුණත් සමාව ඉල්ලන්නේ නෑ මේ අයගෙන් මොකද එතන වරදක් සිද්ධ වෙලා තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා විල්පත්තුවෙත් වන සංහාරයක් වෙලා තියෙනවා." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
"මම සමාව ඉල්ලන්නම් කොන්දේසි කිහිපයක් මත, හෙට සිට අකරගම පස් කැපීම නවත්තන්න ඕන, පර්මිට් එකෙන් පිට වැලි අදින්න පස් කපන්න, කළුගල් කඩන්න..ඒ ටික නවත්තන්න ඕන, මුතුරාජවෙල ගිහිල්ලා පුරවපු පස් ටික නැවත අකරගමට ගෙනත් යථාතත්වයට පත්කරලා දෙන්න ඕන" යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එම මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS