තමන් බලයට එද්දී කොටි ත‍්‍රස්තවාදීන් විසින් උතුරු පලාතෙන් 80%ක් පමණම අල්ලාගෙන සිටි බවත් තමන් ධුරයෙන් යද්දී යාපනයද ඇතුළුව ඉන් 75%ක් පමණ මුදා...
තමන් බලයට එද්දී කොටි ත‍්‍රස්තවාදීන් විසින් උතුරු පලාතෙන් 80%ක් පමණම අල්ලාගෙන සිටි බවත් තමන් ධුරයෙන් යද්දී යාපනයද ඇතුළුව ඉන් 75%ක් පමණ මුදාගත් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
කොටින්ගේ යටතේ තිබුනේ කිලිනොච්චිය සහ මුලතිවු පමණක් බවත් රාජපක්‍ෂලා නිදහස් කර ගත්තේ එම කොටස පමණක් බවත් ඇය සදහන් කරයි.
‘එයා දිනුවෙ නෑ ඉවර කලා විතරයි’ යයිද ඇය සදහන් කලාය.
ඒ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය මගින් සංවිධානය කළ වැඩසටහනට සහභාගී වෙමිනි.
එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.
"නැහැනේ. නිකන් අහිංසකව ඉඳලා නැති වෙච්ච මිනිස්සුන්ගෙ පවුල්වල ටිකක් අපේ රණවිරුවන්ට මිට වැඩිය හුගක් දීලා තියෙනවා. ඒ ගොල්ලෝ යුද්ධය ඉවර කළා විතරයිනේ. යාපනය දිනුවේ කවුද? රාජපක්ෂ? නෑ මගේ ආණ්ඩුවෙන්නේ. එදත් කොටින්ට ගෙවන්නේපළි ගත්තා. ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැනේ. ඊළඟට මාව මරයි. ඒත් මට ප්‍රශ්නයක් නැහැ. රට වෙනුවෙන් අපි ඒවා කරනවා. බණ්ඩාරනායකලා සියල්ල කැප කරන්නේ රට වෙනුවෙන් තමයි."
COMMENTS