දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මම ජනාධිපති කාලේ මගේ අගමැතිට නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ" - රනිල් කළ යුතු දේ ගැන මහින්ද කියයි
Homeප්‍රවෘත්ති

"මම ජනාධිපති කාලේ මගේ අගමැතිට නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ" - රනිල් කළ යුතු දේ ගැන මහින්ද කියයි

PropellerAds

මම ජනාධිපතිවරයා වෙලා ඉඳලා මගේ අගමැතිවරයාට මෙහෙම වුණා නම් කීයටවත් කවදාවත් එතනට යන්න ඉඩ තියන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප...

අභාවප්‍රාප්ත ඒලියන්ත වයිට් ගැන මාලිංගගෙන් සටහනක්!
ප්‍රචණ්ඩ ක්‍රියාවන් යළි ඇති නොවන බවට ජනපති ජගත් සමුලුව අමතමින් කියයි - (video)
ඥානසාර හාමුදුරුවො කාගෙ ප්‍රකාශකද? ගෝඨා පිටරට ගිහින් ගහන ඩබල් ගේම මොකද්ද? රාසමාණික්කම් පාර්ලිමේන්තුව හොල්ලයි - (video)

මම ජනාධිපතිවරයා වෙලා ඉඳලා මගේ අගමැතිවරයාට මෙහෙම වුණා නම් කීයටවත් කවදාවත් එතනට යන්න ඉඩ තියන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කලේ එක්සත් ජනතා නිදහස් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ දේශපාලන දිවියට වසර 20ක් සැපිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (1) බේරුවලදී පැවැත්වූ උත්සවයක් අමතමිනි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ අවුරුදු තුන තුල වැඩක් කරේ නැහැ. කළේ පළිගැනීම. ඉතුරු අවුරුදු දෙකේදී ඒගොල්ලෝ කියනවා ඉස්සරත් බොන්ඩ් තිබුනලු. ඒ බොන්ඩ් ගැන හොයනවලු. දැන් 8 වෙනිදට එනවා. අපි වාර්තාව දිහා හොඳට බලාගෙන ඉන්නේ. මොකක්ද මේ වාර්තාවෙන් කරන්නේ කියලා. මම ජනාධිපතිවරයා වෙලා ඉඳලා මගේ අගමැතිවරයාට මෙහෙම වුණා නම් කීයටවත් කවදාවත් එතනට යන්න ඉඩ තියන්නේ නැහැ. මොකද අගමැතිවරයෙක් ලෝකයේ පළවෙනි වතාවට විත්ති කූඩුවකට නැගලා සාක්ෂි දෙන එක නුසුදුසු ක්‍රියාවක් වශයෙන් තමයි මම නම් දකින්නේ. මොකද ඒක එහෙම නෙවෙයි විය යුතුව තිබුණේ. මම නම් කියනවා කරුණාකරලා පොඩ්ඩකට ඉල්ලා අස්වෙලා ගිහිල්ලා සාක්ෂි දීලා වරෙන් කියලා. එහෙම නැත්තම් ලෝකේ සංවර්ධනය සඳහා මිනිස්සු එන එක අපේ රටට ආයෝජකයෝ එන එක ගැන සැක හිතනවා. මෙයත් කෙලිනවානම් හරි වැඩක් වෙනවනේ අපිට කියලා. ඒ සැකය හැම වෙලාවේම රටේ අවාසියටයි සිදු වෙන්නේ. බය නැති අගමැති කියලා ගහලා තිබුණා. කිසි බයක් නැහැ. පසුගිය කාලේ FCID හදලා නොගිච්ච එක්කෙනෙක් නැහැ.”

“අද එතනින් එහාට ගිහිල්ලා ඊයේ  සාක්ෂියක් දෙනවා  නියෝජ්‍ය ඇමතිවරයෙක් අලියෙක්ව අරන් ගියා කියලා අපේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. නියෝජ්‍ය ඇමතිවරයා කියනවා නෑ මට දුරකථනයකින් හාමුදුරුවෝ කතා කළේ නැහැ එහෙම කිව්වොත් තමයි නඩුවට බරක් වෙන්නේ කියලා නීතිපති කිව්වලු. දැන් මේ නීතිපති ඉන්නේ නඩු හදන්නද? අපිට විශාල සැකයක් ඇති වෙනවා නීතිපතිවරයා මේ කරන්නේ කාගේ හරි වුවමනාවක්ද?, රජයේ වුවමනාවක්ද? එහෙමනම් බොරු සාක්ෂි කියන්න කියලා නියෝජ්‍ය ඇමතිවරයෙක් ලවා කියවනවා නම් බරපතල අපරාධයක්. පළි ගැනීම හැර අද වෙන වැඩක් නම් නැහැ. ලකුණ හෝ කාර්යාලය නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ. අපිට එකතු වෙන එක අරුමයක් නෙවෙයි, ප්‍රශ්නයක් නෙවෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සියල්ලන්ටම එක ධජයක් යටතට එන්න පුළුවන්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන බෑනේ. තනතුරු දාලා එන්න. මේ ඉන්නේ තනතුරු නැතුව. ඇමතිකම් නැති වුණාම මොකෝ මේ කට්ටියට ගෙදර කන්න නැතුවයෑ. අනේ ඒක නම් කරන්න බැහැ. එක එකා කියන විදියට අපිට අස්වෙන්නත් බැහැ කිය කිය කියනවා. එහෙමනම් අපි එක එකා කියන විදියට එකතු වෙන්නත් බැහැ. ඒක තමයි වෙන්නේ.” යැයි වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මම ජනාධිපති කාලේ මගේ අගමැතිට නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ" - රනිල් කළ යුතු දේ ගැන මහින්ද කියයි
"මම ජනාධිපති කාලේ මගේ අගමැතිට නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ" - රනිල් කළ යුතු දේ ගැන මහින්ද කියයි
http://ift.tt/2zWeV9g
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy