කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේ අද (18) දහවල් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජප...
කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේ අද (18) දහවල් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළද, ඒ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණය මගින් නිදහස ලැබීම සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හැසිරීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.
ජී.එල්.පීරිස්, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඊට එක්ව සිටියහ.
ජී.එල්.පීරිස් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පමණක් එහිදී අදහස් පළ කළ අතර, පසුගිය පාලන කාලයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර තිබූ බවට වාර්තා පළවීම හා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සම්බන්ධව මාධ්‍යවේදීහු විමසීම් කළහ.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දෙමින් සඳහන් කළේ, තමන් එම අවස්ථාවලදී නිවැරදිව කටයුතු කළ බවයි.
COMMENTS