දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුරුටු ගීත හා සිගීරි අප්සරාවියෝ ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත්කරණයට - පිටපත් කරන අවස්ථාව මාධ්‍ය ආවරණයට තනනම්
Homeප්‍රවෘත්ති

කුරුටු ගීත හා සිගීරි අප්සරාවියෝ ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත්කරණයට - පිටපත් කරන අවස්ථාව මාධ්‍ය ආවරණයට තනනම්

PropellerAds

ලෝක උරුම සීගිරියේ පිහිටා ඇති සීගිරි බිතු සිතුවම් සහ කැටපත් පවුරේ  ඇති කුරුටු ගීත  නව  තාක්ෂණය යොදාගෙන ලේසර් කිරණ මගින් ත්‍රිමාණ  ප්‍රතිරූප...

රනිල්ගේ පණිවුඩය කතානායක විසින් සජිත්ට දන්වයි.. බලාපොරොත්තු බිදී සජිත් කලබල වේ..
බුර්කා තහනම ඉවත් කිරීම ගැටලුවක්" - ශ්‍රීපනිපයත් ආණ්ඩුවේ ඇමතිවරයෙකුත් කියයි
ගෝටාභය දෙමල සන්ධානය හමුවේ.. ජනාධිපතිවරණ ගැන සාකච්චා..
කුරුටු ගීත හා සිගීරි අප්සරාවියෝ ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත්කරණයට - පිටපත් කරන අවස්ථාව මාධ්‍ය ආවරණයට තනනම්

ලෝක උරුම සීගිරියේ පිහිටා ඇති සීගිරි බිතු සිතුවම් සහ කැටපත් පවුරේ  ඇති කුරුටු ගීත  නව  තාක්ෂණය යොදාගෙන ලේසර් කිරණ මගින් ත්‍රිමාණ  ප්‍රතිරූප කරණ පිටපත් කරණය  වැඩපිළිවෙළක් මේ දිනවල ආරම්භ කොට ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කර සිටිති.

(Germany) ජර්මනියේ පිහිටි (bamberg)    විශ්ව විද්‍යාලය මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,කැලණිය විශ්ව විද්‍යාලය එක්ව මෙම  ක්‍රියාවලිය සිදුකරන බව  මාධ්‍ය හමුවක් 14 දින සීගිරියේ පවත්වමින් මේ බව සඳහන් කළහ.

ලෝක උරුමයක් වූ සීගිරිය බොහෝ ජනතාව දැඩි ලෙස ආරක්ෂා කරන බිතු සිතුවම් සහ කුරුටු ගීත මෙම ලේසර් තාක්ෂණය යොදාගෙන පිටපත් කිරීම සිදුකෙරෙන නිසා ජනතාව දැනුවත් කරමින් එය සිදුකිරීමට  තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කර සිටී.

විෂයභාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මධ්‍යම  සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු   මහාචාර්ය බී .ඩි ,නන්දදේව, ජර්මනියේ  විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වු  මෙම ත්‍රිමාණ සිදු කරන විශේෂඥ ආචාර්ය (max rahrig) යන   මහත්වරුන් විසින් මෙම මාධ්‍ය හමුවේ පෙනී සිටියහ.

ලෝකයේ විවිධ  ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවේ දළදා මාලිගාවේ ද මෙයාකාරයෙන් ත්‍රිමාණ ලේසර් කිරණ මගින්  ප්‍රරතිරූපනය කළ බවත් එහිදී බිතුසිතුවම් වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් කටයුතු කරන  බව මහාචාර්ය නන්දදේව මහතා පැවසීය.

මෙම ලේසර් කිරණ මගින් බිතුසිතුවම් වල සහ කැටපත් පවුරේ ඇති සියලු ස්ථාන  ත්‍රිමාණ රූප ආකාරයෙන් පිටපත් කිරීම සිදුකෙරෙන බවත් එහිදී ගලේ සිදුකෙරෙන සිදුවන විනාශකාරී දේ හා වෙනස්වීම්  අනාවරණය කර ගැනීමටත් එමෙන්ම ඉදිරියේදී යම්කිසි හානියක්   සිදුවන්නට යන්නේ නම් එය හඳුනා ගැනීම මෙමගින් සිදු වෙන බව හෙතෙම සඳහන් කළේ ය.

කැටපත් පවුරේ මෙම ලේසර් කිරණ මගින් ලබාගන්නා  ප්‍රතිරූප කරණයේදී ඇතැම්විට කියවා ගැනීමට නොහැකි සියුම් ස්ථානවල ඇති කුරුටු ගීත පවා කියවා ගැනීමට උපකාරී වනු ඇතැයි ද හෙතෙම සඳහන් කෙළේය.

එමෙන්ම මෙහිදී ලබාගන්නා සජීවී පිටපත් සිගිරි පව්වට නැගීමට නොහැකි ආබාධිත අය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට හැකිවනු ඇති බව කිවේය.

මෙම ත්‍රිමාණ ලේසර් කිරණ මගින් බිතුසිතුවම් වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයකින් (germany) තාක්ෂණය යොදාගෙන සිදු කරන බවද හෙතෙම පැවසීය.

 විශේෂයෙන් හොර රහසේ මේවා සිදු නොකොට ජන මාධ්‍යයට දැනුම් දීමෙන් සිදු කරනු ලබන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ සීගිරියේ පමණක් නොව   ආරක්ෂා විය යුතු ස්ථාන ලෙන් චිත්‍ර ආදී ආරක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ය.

එමෙන්ම  මෙම ත්‍රිමාණ ලේසර් කිරණ මගින්  ප්‍රරතිරූප කරණය සිදුකරනු ලබන්නේ රාත්‍රී කාලයේ බව ඔවුහු පවසති. සීගිරිය බිතුසිතුවම් ඇති ගුහාව සහ කැටපත් පවුර ජර්මන් ජාතික කණ්ඩායම සහ පුරාවිද්‍යා කණ්ඩායම් මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම් එක්ව මෙය සිදුකරන බව ද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ සඳහා රුපියල්  මිලියනයක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් වෙන්කරවා තිබෙන බවත් එමෙන්ම තවත් විශාල මුදලක් german ආයතනයක් මගින් ලබාදෙන බවද සඳහන් කළේය.

මෙම ත්‍රිමාණ ඡායාරූප ගන්නා ආකාරය සහ ලේසර් කිරණ මගින් සිදුකර ආකාරය   කුමක්ද යන්න දැක බලා ගැනීම සඳහා  මාධ්‍යවේදීන්ට සීගිරිය කැටපත් පවුර සහ බිතුසිතුවම් ගුහාවට  පිවිසිය  හැකිදැයි මාධ්‍යවේදීහු මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළේය.

එම රූප ගන්නා ක්‍රමවේදය ලේසර් කිරණ මගින් සිදු කරන අවස්ථාවට මාධ්‍යවේදීන් හට ගමන් කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත් එහිදී සිදු කෙරුණු කරුණු පිළිබඳව පහළට පැමිණ අවශ්‍ය නම් මාධ්‍ය දැනුවත් කළ හැකි බව හෙතෙම සඳහන් කළේ ය.

මේ අවස්ථාවේ දී ජර්මන් ජාතික මහාචාර්ය max rahrig  මහතා ඔහු සිදුකළ ක්‍රියාවලියන් ප්‍රතිරූප කරනය  පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුරුටු ගීත හා සිගීරි අප්සරාවියෝ ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත්කරණයට - පිටපත් කරන අවස්ථාව මාධ්‍ය ආවරණයට තනනම්
කුරුටු ගීත හා සිගීරි අප්සරාවියෝ ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත්කරණයට - පිටපත් කරන අවස්ථාව මාධ්‍ය ආවරණයට තනනම්
http://am.lk/media/k2/items/cache/bc33332113f48b9907cc18f79c7175c4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_519.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_519.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy