ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇතැයි එම දෙපාර්ත...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව ඊයේ (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය.
හිටපු ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානිවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බැවින් අදාල ප්‍රකාශ ලබා ගැනීම සඳහා ලිපි සකස් කරමින් පවතින බව ඔවුහු වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළහ.
පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ නඩුව ඊයේ (19) යළි අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
COMMENTS