ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ එම්.පී. ජයසිංහ මහතා පසුගියදා ඇල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව ඇල්ල දුම්රිය ස්ථානය නිරීක්ෂණය...
ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ එම්.පී. ජයසිංහ මහතා පසුගියදා ඇල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව ඇල්ල දුම්රිය ස්ථානය නිරීක්ෂණය කර තිබේ.
එහිදී දුම්රිය ස්ථානයේ පවතින සනීපාරක්ෂාව හා පිරිසිදු භාවය පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ දැඩි අවධානයක් යොමුවී ඇත.
ඌව පළාතේ සංචාරක ආකර්ෂණය වැඩිම ප්‍රදේශයක් වන ඇල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශයකි.
එලෙස සංචාරකයින් බහුලව ගැවසෙන මෙම දුම්රිය ස්ථානයේ තිබෙන ස්වභාව සෞන්දර්ය රැකගැනීම සඳහා තවදුරටත් සනීපාරක්ෂක හා පිරිසිදුතාවය විධිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආණ්ඩුකාරවරයා එහි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
දෙමෝදර දුම්රිය ස්ථානයේදී මෙන්ම ඇල්ල දුම්රිය ස්ථානයේදී ද සුප්‍රකට ආරැක්කු නවයේ පාලම හෙවත් Nine Arch Bridge නැරඹීමට යා හැක.
මන්ද එය පිහිටා ඇත්තේ දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථානය අතර බැවිනි.
එබැවින් බොහෝ සංචාරකයින් රාවනා ඇල්ල නැරඹීමෙන් අනතුරුව ආරුක්කු නවයේ පාලම බැලීම සඳහා ඇල්ල දුම්රිය ස්ථානය භාවිත කරයි.
ඒ සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඌව පළාත් ආණ්ඩුකාරවරයා තවදුරත් අදහස් දක්වමින් කියාසිටියේ මෙවන් ජාතික වටිනාකමක් සහිත ස්ථාන රැකගැනීම අප සියලු දෙනාගේ වගකීම යන බවයි.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මිය, ඇල්ල දුම්රිය ස්ථාන්ධිපති හා ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
ඡායාරූප පහතින්.
COMMENTS