සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලූ දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධි...
සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලූ දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස හැකියාව ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එම සාකච්ඡාවල දී පැමිණි එකගතාව අනුව එම සියලූ ධීවරයන් අද දහවල් නිදහස ලැබූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ,මිරිදිය වරුණ 2018, සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.
ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාව මේ රටේ ශක්තිමත් බලවේගයක් බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් දුර්වල කිරීමට රජය කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත්, ධීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ යුතු සෑම වගකීමක් ම නොපිරිහෙළා ඉටු කරන බවත් අවධාරණය කළේ ය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය සියලූ රජයන්ට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බව යි.
ධීවර ප‍්‍රජාව වෙනුවෙන් කි‍්‍රයාත්මක නිවාස යෝජනා ක‍්‍රමය ඉදිරියේ දී තව තවත් ශක්තිමත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ග‍්‍රාමීය ධීවර සංවිධාන විසින් මෙහි දී ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් ද භාර දුන් අතර ජලාශවලට අවශ්‍ය මත්ස්‍ය පැටව් බහාලීම වැඩි කිරීම, ධීවර ආම්පන්න ලබා ගැනීම, ජල ජීවි වගාවන් සඳහා රජයේ ඉඩම් ලබා ගැනීම, ජලාශවල විධිමත් කළමනාකරණය සඳහා නිලධාරින් යෙදවීම, ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ඇතුළු එම සියලූ ඉල්ලීම් කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එම ඉල්ලීම් ඉටු කිරීම ඇතුළු කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වැඩි මුදලක් මෙවර අය වැය තුළින් වෙන් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.
COMMENTS