දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍ය සංදර්ශන පවත්වා ඉරාජ් ජනතාවට බේගල් ඇදබානවා..- ITSSL
Homeප්‍රවෘත්ති

මාධ්‍ය සංදර්ශන පවත්වා ඉරාජ් ජනතාවට බේගල් ඇදබානවා..- ITSSL

PropellerAds

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. පසුගිය දිනවල ගායක ඉරාජ්ගේ Verified ෆේස්බුක් පිටුව සහ තවත්...

2019 වසර දුෂණයෙන් තොර කරනවා - ජනපති (VIDEO)
එල්.ටි.ටි.ඊ තහනම ඉවත් කිරීමට මෙහෙයුමක්
ජනපති දිවයිනට - ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට කියයි
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය දිනවල ගායක ඉරාජ්ගේ Verified ෆේස්බුක් පිටුව සහ තවත් ෆේස්බුක් පිටු 1500ක් රජය විසින් ඉවත්කරා යැයි වගකීමෙන් මාධ්‍ය හමු පවත්වමින් එම පුද්ගලයා ප්‍රකාශ කරන්නට වූ අතර සිදුවී ඇති සැබෑ සිදුවීම පිලිබදව තාක්ෂණික පැහැදිලි කිරීමක් අප සංගමය මාධ්‍ය නිවේදනයක් ඔස්සේ ජනමාධ්‍ය හා මහජනයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

එම මාධ්‍ය නිවේදනය නිකුත්කොට දින කිහිපයකට පසුව ඉරාජ් තම නව ෆේස්බුක් පිටුවෙහි “කව්ද මේ තොරතුරු තාක්ෂණ සංගමය.පොඩි කොල්ලෝ ටිකක් කරගෙන යන වගකීමක් ගන්න බැරි සංගමයක්” යන්නෙන් සදහන් කොට අප සංගමය පිලිබදව යම් නිගමනයකට එලබීමට කටයුතු කරන්නේ නම් අප සංගමය ඉරාජ්ගේ බුද්ධි හැකියාව හා පරිකල්පන ශක්තිය පිලිබදව දැඩිලෙස කණගාටුවට පත්වෙමු. වයසින් මුහුකුරාගිය පුද්ගලයෙකු වුව පමණින් වගකිමක් ගැනීමට නොහැකි අතර එම පුද්ගලයා දැනුම අතින්ද සන්නද්ධ විය යුතුය. වයසින් වැඩි පුද්ගලයෙකු ලෙස මාධ්‍ය හමු පවත්වා කිසිදු සාක්ෂියකින් තොරව කිසිම තාක්ෂණික පැහැදිලි කිරීමකින් තොරව මාධ්‍ය වෙත බේගල් ඇදබෑම වගකිමක් ඇති ක්‍රියාවක්දැයි අප සංගමය ඉරාජ්ගෙන් අසන්නට කැමතිය.

තවද අප සංගමයට අවස්තාවක් ලබාදෙන්නේ නම් සියලුම ජනමාධ්‍ය හා සියලුම දේශපාලන පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අප සංගමය සුදානම් අතර ඉරාජ් මාධ්‍ය හමු පවත්වා සංදර්ශන පැවැත්වීමට ප්‍රථම අප සංගමය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ඩිජිටල් යටිතලපහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමති අජිත් පී.පෙරේරා මහතා දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. ඩිජිටල් අමාත්‍යවරයාව, සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට රජය Depp Packet Inspection භාවිතා කිරීම මගින් අන්තර්ජාල පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවෙන බව පෙන්වාදුන් අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේදී රජය විසින් හොර රහසේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත “සයිබර් ආරක්ෂණ” පනතෙහි ඇති අහිතකර බලපෑම් පිලිබදව දැනුවත් කිරීමක් සිදුකරනු ලැබුවා.තවද ජූනි 18 වනදා පාර්ලිමේන්තුව තුලට සමාජ මාධ්‍ය පිළිබද ප්‍රශ්න කිහිපයක්ද යොමුකිරීමට අප සංගමය කටයුතු කරනු ලැබුවා.

අප සංගමය විසින් සමාජය වෙත සිදුකරන ලද කාර්යභාරය පිලිබදව කිසිවක් නොදන්නා ඉරාජ් අප සංගමය පිලිබදව තීන්දු තීරණ වලට එළැබෙන්නේ කුමන නිර්නායකයක් පදනම්කොටගෙන දැයි ප්‍රශ්නයක් පැනනගී.ෆේස්බුක් අඩවියේ කිසිම තැනක Verified පිටු වාර්තාකොට ගලවා ඉවත්කළ නොහැකි බව සදහන් කොට නැති අතර Verified යන්නෙන් අදහස් වන්නේ ෆේස්බුක් ඔහු හෝ එම සමාගම ප්‍රසිද්ධ චරිතයක් හෝ ව්‍යාපාරයක් යන්නෙන් හදුනාගෙන ඇති බව යන්නෙනි.” Verified පිටු කොපමණ වාර්තා කරත් අයින් වෙන්නේ නෑ” යන සමාජය තුල පවතින මතය පුස්සක් බව නොදන්නවා නොවිය යුතු බව අප තොරතුරු තාක්ෂණ සංගමය ඔහුට මතක්කරදීමට කැමැත්තෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍ය සංදර්ශන පවත්වා ඉරාජ් ජනතාවට බේගල් ඇදබානවා..- ITSSL
මාධ්‍ය සංදර්ශන පවත්වා ඉරාජ් ජනතාවට බේගල් ඇදබානවා..- ITSSL
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPWUsb4LY0ToQRfprqMRlK3f7XipuInY7YSE9Bx8OfqYSr0EVgiSA9OYT62yUgEhVf2LPdEqgMnqAGHdADnilRxOg9q3TMCoBLqGhsr-0KmnJvsM6VQhUvsU5XXE7T-zTCVvgfFAfwOzU/s320/iraj.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPWUsb4LY0ToQRfprqMRlK3f7XipuInY7YSE9Bx8OfqYSr0EVgiSA9OYT62yUgEhVf2LPdEqgMnqAGHdADnilRxOg9q3TMCoBLqGhsr-0KmnJvsM6VQhUvsU5XXE7T-zTCVvgfFAfwOzU/s72-c/iraj.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/itssl.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/itssl.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy