දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පක්ෂය තුළින් විසදා ගත හැකි ප්‍රශ්න භාහිර සමාජය තුළ කතා කරන්න එපා" - මහින්දානන්ද, කෙහෙළියට සහ ලොහාන්ට මහින්දගෙන් අවවාදයක්
Homeප්‍රවෘත්ති

"පක්ෂය තුළින් විසදා ගත හැකි ප්‍රශ්න භාහිර සමාජය තුළ කතා කරන්න එපා" - මහින්දානන්ද, කෙහෙළියට සහ ලොහාන්ට මහින්දගෙන් අවවාදයක්

PropellerAds

අභ්‍යන්තර ප්‍රශ්න බාහිර සමාජයේ කතානොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුමාර වෙල්ගම මහතාට හා ඔහුට විරුද්ධව ප්‍රසිද්ධ වේදිකාවල අදහ...

ජනපතිට එරෙහි මඩ මෙහෙයුමක්.
රවී ගමේ යයි.
අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක්.

අභ්‍යන්තර ප්‍රශ්න බාහිර සමාජයේ කතානොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුමාර වෙල්ගම මහතාට හා ඔහුට විරුද්ධව ප්‍රසිද්ධ වේදිකාවල අදහස් පළකළ මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්තේ පාර්ශ්වයට ඊයේ (16) අවවාද කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂ පක්‍ෂ නායක රැස්වීමේදී මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

හිතට එකඟව කතාකරන තමන්ට විරුද්ධව මන්ත්‍රීවරු කිහිපදෙනෙකු රැස්වීම්වලදී අදහස් පළකර තිබෙන බවත්,නිදහසේ අදහස් පළකිරීමට අයිතිය තිබිය යුතු බවත් කුමාර වෙල්ගම මහතා පවසා තිබෙන අතර, ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා දෙපාර්ශ්වයටම අවවාද කළ බව වාර්තා වේ.

පක්‍ෂය අභ්‍යන්තරයේ කතාකර විසඳාගත හැකි ප්‍රශ්න බාහිර සමාජය තුළප්‍රසිද්ධියේ කතාකිරීමෙන් හා බැණගැනීමෙන් දේශපාලනික වශයෙන් සතුරන්ට වාසිවන බවත්,එය තේරුම්ගෙන ඉදිරියේදී කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

තමන් එක්සත් ජාතික පක්‍ෂය සමග ඩීල් දමා ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබෙන බවත්,මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තමන්ට විරුද්ධව අදහස් පළකරන අය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ බිම බලාගෙන සිටියදී එක්සත් ජාතික පක්‍ෂයට විරෝධය පළකරමින් මධ්‍යම කාරක සභාවෙන් එළියට පැමිණි පළමු පුද්ගලයා තමන් බවත් වෙල්ගම මහතා පවසා තිබේ.

තමන්ට චෝදනා කරන සියලු දෙනා බියගුල්ලන් සේ හවුල් ආණ්ඩුවකට යෑමට කැමැත්ත පළකළ බවත්,තමන් කිසිවෙකුගේ ප්‍රකාශ හේතුවෙන් නොසැලී මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටින බවත් හෙතෙම පවසා ඇත.

මෙම අවස්ථාවේදී කණ්ඩායම් රැස්වීම තරමක් උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙන අතර, මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් සංග්‍රාමයක් පැවැති බව වාර්තා වෙයි.

මේ අතර, පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා විසුරුවාහැර තිබෙන පළාත් සභාවලට අයත් දිස්ත්‍රික්කවල උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද මෙහිදී තීරණයක් ගෙන තිබේ.

එම දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට උද්ඝෝෂණවල වගකීම් පවරා තිබෙන අතර, එහි පළමු උද්ඝෝෂණය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර, පවතින ආර්ථික අර්බුදය පැහැදිලි කර ගැනීම සඳහාත්,ඒ සඳහා විසඳුම් යෝජනා කරගැනීම සඳහාත් විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද මෙහිදී යෝජනා වී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පක්ෂය තුළින් විසදා ගත හැකි ප්‍රශ්න භාහිර සමාජය තුළ කතා කරන්න එපා" - මහින්දානන්ද, කෙහෙළියට සහ ලොහාන්ට මහින්දගෙන් අවවාදයක්
"පක්ෂය තුළින් විසදා ගත හැකි ප්‍රශ්න භාහිර සමාජය තුළ කතා කරන්න එපා" - මහින්දානන්ද, කෙහෙළියට සහ ලොහාන්ට මහින්දගෙන් අවවාදයක්
http://am.lk/media/k2/items/cache/f1cbbfd51f5a870333b389d1585da484_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_148.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_148.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy