සිය නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරකට මුද්‍රා තබා එහි වටිනා භාණ්ඩ රැගෙන යාමට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ටීඑන්එල් රූපවාහිණියේ ස...
සිය නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරකට මුද්‍රා තබා එහි වටිනා භාණ්ඩ රැගෙන යාමට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ටීඑන්එල් රූපවාහිණියේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.
ඊයේ (04) රාත්‍රී පොලීසිය සමඟ පැමිණි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් ටීඑන්එල් රූපවාහිණියට අයත් පොල්ගහවෙල විකාශනාගාරයට සීල් තබා එහි තිබූ විකාශන උපකරණද ඇතුළු භාණ්ඩ ගලවා රැගෙන ගොස් ඇති බවත් ශාන් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පොල්ගහවෙල විකාශනාගාරයට අදාල ගෙවීම් සිදු නොකල බව පවසමින් කිසිදු දැනුම් දීමකින් තොරව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඉදිරියෙදී නඩු මගට පිවිසෙන බවත් ඔහු අවධාරණය කළේය.
මේවන විට ටීඑන්එල් රූපවාහිණියට අයත් නුවරඑළිය, බදුල්ල සහ මහනුවර විකාශනාගාරද සීල් තැබීමට සූදානම් වන බවට තමාට වාර්තා වූ බවත් තමන් ඒ පිළිබඳ විමසීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඒ කිසිවෙකු දුරකතන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ බවත් ශාන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
නියමිත ගෙවිම් නියමිතව සිදූකර තිබීයදීත් මෙසේ කටයුතු කිරිම සිය ආයතනය විසින් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවට ටීඑන්එල් නාලිකාවේ නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.
COMMENTS