ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුඩා ජල විදුලිබලාගාර හිමියන් 16 දෙනෙකුගෙන් විදුලිය මිලදී ගැනීම සදහා අත්සන් කල නව ගිවිසුම්වල දෝශයන් තිබියද...
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුඩා ජල විදුලිබලාගාර හිමියන් 16 දෙනෙකුගෙන් විදුලිය මිලදී ගැනීම සදහා අත්සන් කල නව ගිවිසුම්වල දෝශයන් තිබියදී කැබිනට් මණ්ඩලය හරහා ඊට නෛතික වලංගුභාවයක් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් විසින් කටයුතු කිරීම නිසා රටට රුපියල් මිලියන 3500ක අලාභයක් සිදුවනු ඇතැයි අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.
එම ව්‍යාපාරය ඊයේ (11) කොළඹ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ සිදුකල ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ බව අනාවරණය කලා.
බලාගාරයක සාමාන්‍ය ආයු කාලය වසර 20ක්.
නමුත් ඔවුන් විශාල මුදලක් යොදවලා එම බලාගාර අලුත්වැඩියා කරලා තියනවනම් පමණක් ඔවුන්ට තරමක් ඉහළ මුදලක් ගෙවිය යුතුයි. ඒ වියදම් කල මුදල උපයන්න. එය තමයි නිවැරදි ක්‍රමය.
බලාගාරය 10ක් එකඟ වුණා ඒ ක්‍රමයට 2010 නව ගාස්තු ක්‍රමයේ අවසන් වසර 5 සඳහා වන ඒකක ගාස්තුවට මණ්ඩලයට විදුලිය සපයන්න. නමුත් බලාගාර 16ක් එය ප්‍රතික්ෂේප කරලා වැඩි මිලක් ඉල්ලුවා. රාජ්‍ය නිලධාරීන් යොදවා ඔවුන් කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් වැඩි මිලකට විදුලිය මිලදී ගැනීමට සූදානම් වනවා. කිසිදු අලුත්වැඩියාවක් නොකල බලාගාර සදහා නව බලාගාරයකට ගෙවන ඉහළ මුදලම ගෙවීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ජලය රටේ ජනතාව සතු සම්පතක්. එයින් අයුතු ලාභ උපයන්න දෙන්න බැහැ. රුපියල් මිලියන 3500ක් කියන්නේ විශාල මුදලක්. අපි මේ වංචාවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා." යනුවෙන් අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති විමුක්ති දුශාන්ත රාවණසිංහ එසේ අදහස් පළකලා.
COMMENTS