ජනබලය කොළඹට විරෝධතාව පිළිබඳ අවසන් සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතී. ඒ පිළිබඳව වෘත්තීය සමිති නායකයින් දැනුවත් කිරීම මේ වන විට සිදුවන බව ප...
ජනබලය කොළඹට විරෝධතාව පිළිබඳ අවසන් සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතී.
ඒ පිළිබඳව වෘත්තීය සමිති නායකයින් දැනුවත් කිරීම මේ වන විට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ.
මේ අතර විරෝධතාවය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.
එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් හා ජනබලය කොළඹට විරෝධතාවයේ සංවිධායක කමිටුව එක්ව සිටින අතර සාකච්ඡාවේ ගනු ලබන තීන්දු අද(05) පස්වරු 1.00ට නිවේදනය කිරීමට නියමිත බව වාර්තා වේ.
COMMENTS