ඉදිරි දිනෙක ස්ථිර වශයෙන්ම සබරගමුව ආණ්ඩුකාරවරිය නිලූකා ඒකානායක මහත්මියට එරෙහිව අධිකරණයට යාමට තීන්දු කර තියෙන බවත් ඒ සම්බන්ධව වැඩිදුර කරුණු ...
ඉදිරි දිනෙක ස්ථිර වශයෙන්ම සබරගමුව ආණ්ඩුකාරවරිය නිලූකා ඒකානායක මහත්මියට එරෙහිව අධිකරණයට යාමට තීන්දු කර තියෙන බවත් ඒ සම්බන්ධව වැඩිදුර කරුණු කාරණා ඒ පනත් හා ප්‍රඥප්ති පිළිබදව සියලු කරුණු අණාවරණය කරනවා බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ සතිපතා පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“සබරගමුව පලාත් සභාව විසුරුවල හැරල මේ සැප්තැම්බර් මාසය වන විට අවුරුද්දක් පහුවෙලා තියෙනවා. අවුරුද්දක් සබරගමුව පලාත් සභා ඡන්දය කල්දාල තියෙනවා. මෙන්න මේ පලාත් සභා කල් දැමීම තුල එකම බලය සහිත තැනැත්තිය බවට පත්වෙලා තියෙන්නේ සබරගමුව පලාත් ආණ්ඩුකාරවරිය. මේ ආණ්ඩුකාරවරිය ඇයගේ බලතල පාවිච්චි කරමින් පලාත් සභාවේ තියෙන ප්‍රඥප්ති සහ අනපනත් සියල්ල උල්ලංගනය කරමින් පලාත් සභාවේ යම් යම් ආයතන වලට ප්‍රධානීන් පත්කරගෙන යනවා. මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියට ප්‍රාදේශීය සබාවටවත් පත්වෙන්න බැරිවෙච්ච දේශපාලඥයෙක් පත්කරල තියෙනවා අදිකාරියේ සභාපතිවරයා හැටියට. පලාත් යන්ත්‍රෝපකරණ ඉන්ජිනේරු ආයතනයට සභාපතිවරයෙක් පත්කරල තියෙනවා. මේවා සම්පූර්ණ නීතිවිරෝධි ක්‍රියා. ඒ විතරක් නෙවෙයි ඉදිරි වර්ෂය සදහා මුදල් පරිපූරක ඉදිරිපත් කරමින් ඒවා සම්මත කිරීමට උත්සාහ කරනවා ඒ අයගේ දේශපාලන බල ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑම සදහා. කිසිදාක සිදු නොවන ආකාරයේ පෙරළිකාර සිදුවීම් සිදුවන කාල පරිඡ්චේදයක් බවට මේ වකවානුව පත්වෙලා තායෙනවා.පසුගිය වකවානුව තුල ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි දිගින් දිගටම ප්‍රකාශ කලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු හැටියට අපි ප්‍රකාශ කලා රනිල් මෛත්‍රී ආණ්ඩුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මේ කරගෙන යන ක්‍රමවේදය තුල ආණ්ඩුවේ නියම කාලය ඉන්න වෙන්නේ නැහැ කියන එක අපි ප්‍රකාශ කලා.”
“අපි ප්‍රාර්ථනා කලා මේ යන ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙනවා ඒ නිසා ඉක්මනින්ම මේ ආණ්ඩුව අවසානයක් විය යුතුයි කියන මතය අපි දැරුවා.මේ ආණ්ඩුව අනුගමනය කරපු ආර්ථික ක්‍රමවේදය දේශපාලන උපාය උපක්‍රමත් සමග ආණ්ඩුවට ඉදිරි ගමනක් නැති බව ඉතා සත්සුදක් සේ පැහැදිලිවම අපිට පෙනී ගියා. අපි මේක කියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙනුත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙනුත් දිගින් දිගට දිගින් දිගටම ප්‍රකාශ කෙරුනේ අපි අතර ඉතාමත් ස්ථිරසාර ශක්තිමත් බැදීමක් තියනවා මේ ආණ්ඩුව හෙල්ලෙන්නේ නැහැ මේක පෙල්ලෙන්නේ නැහැ.මේක පෙල්ලන්න බැහැ නියම කාලයේම මේ ආණ්ඩුව යනව කියල ඒ අය ප්‍රකාශ කලා. මේ ආණ්ඩුව යන ගමන අනුව ස්භාවික මරණයක් නොවෙයි අකල් මරණයක් වීමේ ඉඩකඩ වැඩියි කියන එක අපි කියා සිටියා.ඒ තත්වය අද රට හමුවේ දක්නට ලැබෙනවා.”
“ගරු ජනාධිපතිතුමා විසින් පසුගිය සතියේ මහජන බැංකුව ලංකා බැංකුව සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය මේ තුනේ තියන සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩලය විසිරුවා හරින්න කියල වහාම ඉල්ලා අස්වෙන්න කියල වහාම නියෝගයක් කලා.මේක ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කලා.ඊට පසුදින වන විට විෂයභාර ඇමතිවරයා හැටියට කිරිඇල්ල අමාත්‍යවරයා කියනවා ලංකා බැංකුව හා මහජන බැංකුව මගේ විෂය පථයට අයත් දෙකක්.මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට බැහැ.ඒක කල හැක්කේ මට පමණයි කියල කියන ප්‍රකාශය තුල මේ රටේ විධායක ජනාධිපතිවරයා නැවත වතාවත් අමු අමුවේම හෑල්ලුවට ලක්කරල දැම්මා අමාත්‍ය කිරිඇල්ලේ විසින්. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අයිතිවෙන්නේ මලික් සමරවික්‍රම අමාත්‍ය වරයාගේ අමාත්‍යාංශයට.මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වහාම ප්‍රකාශයක් කරනවා. ආයෝජන මණ්ඩලය ඔවුන්ගේ සේවය ගෞරවණීයයි ප්‍රසංසනීයයි කියල ප්‍රකාශයක් නිකුත් කරල ජනාධිපති මෛක්‍රීපාල සිරිසේන මහතාට අතුල් පහරක් එල්ල කරනවා.මේ වන විටත් අධ්‍යක්ෂක මණ්ඩල ඉවත්වෙලා නැහැ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS