චමත්ක කවීන් විසින් රචිත 'චමත්කාර' තීරු ලිපි එකතුව කොළඹ ලේක් හවුස් ආයතනයේ ශ්‍රවණාගාරයේදී එළැබෙන ඉරිදා(23)පෙරවරු 10.30ට කෘතියක් ල...
චමත්ක කවීන් විසින් රචිත 'චමත්කාර' තීරු ලිපි එකතුව කොළඹ ලේක් හවුස් ආයතනයේ ශ්‍රවණාගාරයේදී එළැබෙන ඉරිදා(23)පෙරවරු 10.30ට කෘතියක් ලෙස එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.
අවුරුදු 8දී ස්වකීය පළමු කාව්‍ය එකතුව 'ඒදඬු පාලම'කෘතියක්ව පල කළ චමත්ක එයින් සිය ප්‍රතිභාව මොනවට පසක් කළේය. ඉන් දෙවසරකට පසු 'එදා එහෙම දවසක්'කෘතිය රචනා කළ චමත්ක ඒ අතරතුර 'රැස'පුවත්පත ආරම්භයේ සිටම 'චමත්කාර' තීරු ලිපි එකතුව රචනා කළේය.
ඒ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී,ලේඛක තිඹිරියාගම බණ්ඩාර විසින් සංස්කරණය කරනු ලැබූ 'වැලිමිදුල'ළමා පිටුව හරහා ය.රැස සමාරම්භක කතෘ,චාමර ලක්ෂාන් කුමාර මහතාගේද පූර්ණ සහය ඒ සඳහා ලැබිණි.
චමත්ක කවීන්ගේ 'චමත්කාර' 'රැස'පුවත්පතේ පළවූ ලිපි එකතුවක් කෘතියක්ව එළිදකින පළමු අවස්තාවද වෙයි.
COMMENTS