දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්
Homeගොසිප්

මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්

PropellerAds

මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය මට විවිධ අවලාද නඟනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වාගෙන යන ව්‍යාපාරය සම...

වසරේ කාන්තාව තලතා අතුකෝරල
හැරී කුමරු හා ඇමරිකානු නිළි මේගන් අතර පළහිලව්ව නැවත කරළියට
‘මගේ දුව මැරූ කෙනා ඇගේ පෙම්වතෙක් නෙමෙයි‘ කොට්ටාව තරින්දි ඝාතනය ගැන මවගෙන් විශේෂ මාධ්‍ය හමුවක්
මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය මට විවිධ අවලාද නඟනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වාගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි. මං පර්චසය මිලියන 2.2 බැගින් තලවතුගොඩින් ඉඩමක් අරගෙන, බිල්ඩිමක් හදලා ව්‍යාපාරයක් කරගෙන යනවා. එහි වටිනාකම කෝටි 08ක් පමණ
වෙනවා. මට කෝටි 08 කොහෙන්ද?’ කියලයි අහන්නේ.
මේ ගැන මං  පාර්ලිමේන්තුවේ  කළ කතාවෙන් ඒක පිළිගත්තෙ නෑ.
තවමත් බොහෝ අවලාද එල්ල වෙනවා. මුලින්ම කියන්න  ඕනේ, මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන, ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් ආරම්භ නොකළ බව. මේ සියලූදෙනා කියපු පළමු බොරුව තමයි, ඒ. ඊළඟ බොරුව තමයි මේ සියල්ලේ වටිනාකම රුපියල් කෝටි 08ක් බව . තුන්වන බොරුව තමයි මාකඳුරේ මධුෂ් මේ කෝටි 08 මට දුන් බව.

මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාරයන්ගෙන් හෝ පාතාලයන්ගෙන් සත 05ක්වත් අරගෙන නැහැ. මේ ව්‍යාපාරය කිරීමට මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට.  ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් ගොඩනැගිල්ලක් තමයි මම කුලියට ගත්තේ. 2017 සැප්තැම්බර් මාසයේ සිටයි එය කුලියට ගත්තේ. නමුත් මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා.

මුදල් නොමැතිකම නිසා. පසුව මම ලංකා බැංකුව සමඟ කතා කරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලූම් කලේ.මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නැමැති මිතුරා ඔහුට අයත් ඉඩමක් ඇපයට තැබීම සඳහා මට ලබා දුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මම 2018 මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.
 මේ ණය මුදල ගත්තු ලංකා බැංකුවේ පාර්ලිමේන්තු සංකීර්ණ ශාඛාවට ගිහින් නිරෝෂන් ගත්තු ණය මුදල කීයද? ඇපකරය හැටියට තැබුවේ කුමක්ද? මාසයකට ගෙවන ණය මුදල කීයද? ආදී ප‍්‍රශ්න සියල්ලටම උත්තර ලබා ගැනීමට  ඕනෑම කෙනෙකුට පුළුවන්.

    කෙසේ වෙතත් රටේ පවතින ආර්ථිකය කඩා වැටීමේ ප‍්‍රතිඵලයක් හැටියටමේක  පාඩු ලබන තත්වයට පත් වුණා. ගොඩනැගිල්ලේ මාසික කුලිය ගෙවීමට නොහැකි වුණා. ඒ මුදල ‘කී මනී’ වලින් අඩුකර ගැනීමට ගොඩනැගිල්ල අයිති අය කටයුතු කළා. සැපයුම්කරුවන්ට නිසි කලට මුදල් ගෙවීමට බැරි වුණා. බැංකු වාරිකය යන්තමට ගෙවා ගත්තා. අද වන විට මේ ව්‍යාපාරය පවත්වා ගෙන යාමට බැරි තත්වයක් තමයි තිබෙන්නේ.
හැකිනම් මට මේ ගොඩනැගිල්ලේ අප්‍රේල් මාසය තෙක් ඉන්න ඉඩ දෙන්න කියලා ඉල්ලුවත් තවම එයට පිළිතුරු ලැබී නැහැ. ලබන පෙබරවාරි 28 ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙසට නීතිඥවරයා එවූ ලිපිය මෙන්න. මාතෘකාවක් උඩට අරගෙන මඩ ගැසීමකුයි මෙතැන සිදු වන්නේ.’’

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29341,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්
මදුෂ් දුන්නයි කිව්ව මගේ සාප්පුව බංකොලොත් මේ මාසෙ අග ඒක වහන්න වෙලා - නිරෝෂන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4P7cQmD-ja9oLhlDKXpHRFcvJxACucQKYJ5QcwOyf8vE36J3tAtDJ1b2ahCPriuMiRPJTkB6lz-LVxS-Cf9aj6tEB2N5NxGD5pJVpCOUBKssuek0mvagUw1kq0P2WSoGUUO2gWAK9LNM/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4P7cQmD-ja9oLhlDKXpHRFcvJxACucQKYJ5QcwOyf8vE36J3tAtDJ1b2ahCPriuMiRPJTkB6lz-LVxS-Cf9aj6tEB2N5NxGD5pJVpCOUBKssuek0mvagUw1kq0P2WSoGUUO2gWAK9LNM/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_890.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_890.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy