ඉදිරි ජනාධිපතිවරණයට තම සහෝදරයෙකු තරඟ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ "ද හින්දු" පුවත්පතට පවසා තිබේ. ඔහු මේ ...
ඉදිරි ජනාධිපතිවරණයට තම සහෝදරයෙකු තරඟ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ "ද හින්දු" පුවත්පතට පවසා තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ සංචාරය අතරතුර "ද හින්දු" පුවත්පතට අදහස් දක්වමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාව ලබා පිටත්ව ගියේ තුන්දින සංචාරයක් සඳහාය.
මෙම සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා මෙන්ම එරට එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධිද හමුවනු ඇති බව ඉන්දීය වාර්තාවල දැක්විය.
නව දිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඉන්දියාවට ළඟා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ නායක ලෝක්සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා විසිනි.
එහිදී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි ඉතා සතුටට පත් වෙනවා. මුළු රටම බලා සිටින්නේ ඔබට සවන් දෙන්න.
මෙම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ඉදිරි ගමන්මග මැයෙන් දේශනයක් ද පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්විය.
“බොහොම ස්තූතියි මාව පිලිගත්තට. මම ස්තුතිවන්ත විය යුතුයි ආචාර්ය සුබ්‍රමනියම්ට මට ආරාධනා කිරීම පිළිබඳව. වසර 5 කට පසුව තමයි මම දිල්ලියට පැමිණියේ. ඉතින් මම සතුටට පත් වෙනවා දිල්ලියට පැමිණීම ගැන.”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා වන බව ඉන්දියාවේ ඉහලම පෙලේ දේශපාලඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
COMMENTS