පසුගිය 05 වැනිදා පැවැති ජනබලය කොළඹට විරෝධතාවයේ අරමුණ වූයේ නාමල් රාජපක්ෂ මහතා පිම්බීමට බවත් රාජපක්ෂලාගේ බලඅරගලය තවත් ආකාරයකට ප්‍රකාශවීමත් ස...
පසුගිය 05 වැනිදා පැවැති ජනබලය කොළඹට විරෝධතාවයේ අරමුණ වූයේ නාමල් රාජපක්ෂ මහතා පිම්බීමට බවත් රාජපක්ෂලාගේ බලඅරගලය තවත් ආකාරයකට ප්‍රකාශවීමත් සිදුවූ බවත් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
මේ වන විට ඊලඟ නායකයින් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයක් හටගෙන ඇති බවත් පොදුජන පෙරමුණ හදමින් කටයුතු කළ බැසිල් රාජපක්ෂ හිටි හැටියේම ඉන් ඉවත් වී ඒ වෙනුවට නාමල් රාජපක්ෂ ආදේශ වන බවත් ජනබලය විරෝධතාව සංවිධානය කළේ නාමල් රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.
“අවසානයේ වුණේ නාමල් රාජපක්ෂ මුට්ටියක් වුණා. මුට්ටිය දැම්මා නාමල්ගේ. මුට්ටිය බිදුණා. රාජපක්ෂ මහත්තයගේ සායම ගියා. ආණ්ඩුවට පිච් එක හැදුනා. අවසානයේදී රාජපක්ෂ කඳවුරට ඉන්න පිරිස ගැන පැහැදිලි අවබෝධයක් මේ රටේ ජනතාවට ලැබුණා. “ යැයිද චමීර පෙරේරා මහතා පැවසී ය.
COMMENTS