රුපියල අවප්‍රමාණ වීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන බව පැවැසීම සම්පූර්ණයෙන්ම වැරැදි මතයක් බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්...
රුපියල අවප්‍රමාණ වීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන බව පැවැසීම සම්පූර්ණයෙන්ම වැරැදි මතයක් බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්ති, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම යන හේතූන් මත ආසියාව ඇතුළු රටවල මුදල් එ්කක අවප්‍රමාණ වන බවද මේ වසර තුළ ඉන්දියානු රුපියල 11% කින්ද, ඉන්දුනීසියා රුපියල 9%කින්ද, ඕස්ට්‍රේලියාව ඩොලරය 8.2%කින්ද, පිලිපීන පෙසෝ 7.7%කින්ද අවප්‍රමාණ වෙද්දී ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වී ඇත්තේ 7%කින් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.
පසුගිය 2011 - 2012 කාලයේ ශ්‍රී ලංකා රුපියල 12%කින් පමණ අවප්‍රමාණ වූ බවත් එය මෙරට ආර්ථිකයේ ප්‍රශ්න නිසා සිදුවූ බවද එමෙන්ම 2015 වසරේදී 9%කින් රුපියල අවප්‍රමාණ වූ බවද හෙතෙම සඳහන් කළේය.
පසුගිය 2011 - 2012 කාලයේ රුපියල රැකගැනීම සඳහා විදේශ සංචිත ඩොලර් බිලියන 4ක් පමණ යෙදවීමට සිදුවූ බවද පෙන්වා දුන් ඒ මහතා ඩොලර් සංචිත අඩු වී නොමැති බවද අවධාරණය කළේය.
ණය ගෙවීමට තිබෙන ඩොලර් සංචිත ආරක්‍ෂා වී ඇති බවද කෙසේ වෙතත් රුපියල තවදුරටත් වෙනස් විය හැකි බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය.
ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව පස්වැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඊයේ (21) තවදුරටත් අවප්‍රමාණය වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ශ්‍රී ලංකා රුපියල් අගය 170.65ක් දක්වා ඉහළ ගියේය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ඊයේ (21) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 170.65ක් ලෙසත් ගැනුම් මිල 166.78ක් ලෙසත් සටහන්ව තිබිණි.
COMMENTS