ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බද...
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බදවා නොගන්නා ලෙස එම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටිමේ විරෝධතාවයක් ඊයේ (2) හබරාදුව නගරයේදී පැවැත්විනි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව අපි සංවිධානය මගින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි. මෙකි විරෝධතාවය පැවැත්වෙන අතරතුර හිටපු ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හබරාදුව පිහිටි චන්දිම විරක්කොඩි මහතාගේ කාර්යාලයේ රැස්විමක් ද පැවැත්වෙමින් තිබුණි.
විරෝධතාකරුවන් විසින් මෙහිදි චන්දිම විරක්කොඩි මන්ත්‍රිවරයාට දැඩි විරෝධය පළකරනු ලැබිය. “ ඇයි චන්දිම අඩන්නේ අපි මොනවද කරන්නේ” “මහින්ද හොද වුනේ චන්දෙන් පස්සෙද?” “චන්දිමගේ දේශපාලන ගමනේ මළ ගම අදයි” “හබරාදුව ජනතාව ගොනාට අන්දපු කාලේ ඉවරයි” ආදී සටන් පාඨ කියමින් හබරාදුව ප්‍රාදේශීය සභාව අසල සිට ගාල්ල මාතර මහා මාර්ගය ඔස්සේ බස් නැවතුම්පොල දක්වා ගමන් කළ උද්ඝෝසකයෝ එහිදි පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදී සිට සාමකාමිව විසිර ගියහ.
දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්වන ඒ ජි සි පියසිරි, ශම්මු ආරියවංශ, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ, ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්කුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් යන මහත්වරුන්ද හබරාදුව සහ ඉමදුව ප්‍රාදේශීය සභා දෙකේ පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
කෙසේවුවද චන්දිම විරක්කොඩි හිටපු ඇමතිවරයා විසින් සංවිධානය කොටතිබු රැස්විම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිනේෂ් ගුනවර්ධන ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ද සහභාගිවන බව ප්‍රචාරයකර තිබූ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිම දේශපාලඥයෙකු මෙම රැස්විමට සහභාගී නොවිය. එම රැස්විම සදහා හිටපු ඇමති සුසිල් ප්‍රේමජයන්ත හා හිටපු රාජ්‍ය ඇමතිවරයකු අනුරාධ ජයරත්න යන මහත්වරු එක්ව සිටියහ.
(ලලිත් චාමින්ද)
COMMENTS