උපයාගත් ආකාරය සැක සහිත මුදල් යොදවා මිලදී ගත් බව කියන මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්ව තිබූ ෆෝර්ඩ් මස්ටැංග් වර්ගයේ මෝටර් රථය කඩුවෙල මහේස්ත්‍ර...
උපයාගත් ආකාරය සැක සහිත මුදල් යොදවා මිලදී ගත් බව කියන මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්ව තිබූ ෆෝර්ඩ් මස්ටැංග් වර්ගයේ මෝටර් රථය කඩුවෙල මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ප්‍රසන්න අල්විස් මහතා මුදාහැරීමට සති තුනක කාලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දුන් බවට පලව ඇති පුවත අසත්‍යක් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියමව ඇත්තේ එම මෝටර් රථය මිලදී ගැනීමේදී මුදල් හුවමාරු වූ ආකාරය සම්බන්ධ බැංකු වාර්තාවක් ලබන 30 වැනිදාට ලබාදීම බව යැයිද ඔහු කීය.
එසේම අදාළ මෝටර් රථය රඳවාගෙන පරීක්ෂණ පැවැත්වීමට තවදුරටත් අවසර ලැබී ඇති බවද ඔහු කියා සිටියේය.
COMMENTS