දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද-මෛත්‍රී හවුලකට, පොහොට්ටු - ශ්‍රීලනිප දැඩි විරෝධය!
Homeගොසිප්

මහින්ද-මෛත්‍රී හවුලකට, පොහොට්ටු - ශ්‍රීලනිප දැඩි විරෝධය!

PropellerAds

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟතාවක් ඇති කිරීම සඳහා වන උත්සා...

පුංචි කාර් බද්ද ඉක්මනින් ඉවතට.
උපාධිධාරීන් 20,000කට රජයේ රැකියා.
වේගයෙන් ඉහළ යන ඕස්ට්‍රේලියාවේ ජනගහණය : ශ්‍රී ලාංකිකයෝත් හේතුවක්!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එකඟතාවක් ඇති කිරීම සඳහා වන උත්සාහයට ඒකාබද්ධ විපක්ෂයෙන් මෙන්ම ශ්‍රී.ල.නි.ප. මෛත්‍රී හිතවාදී ජ්‍යෙෂ්ඨයන්ගෙන්ද ප්‍රබල විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

මෛත්‍රී මහින්ද එකඟතාවක් ගොඩනැගීම සඳහා 15 කණ්ඩායමේ පිරිසක්, පොහොට්ටු පිරිසක් රහස් සාකච්ඡා ඇරැඹුවේ මෙයට මාසයකට පමණ පෙරය. ජනාධිපති මෛත්‍රී පසුගියදා මහින්දගේ සොහොයුරාගේ අවමංගල්‍ය සඳහා මැදමුලනට ගිය ගමනද මෙම කතාබහේම ප්‍රතිඵලයක් බව මෛත්‍රී හිතවාදීහු පවසති. මහින්ද මෛත්‍රී සමගි කොට සුදුසු පරිදි තනතුරු බෙදාගෙන ජනපතිවරණයට ඉදිරිපත්වීමට අදාළ කතාබහ ගෙනයන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා මහත්වරුන් ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් සිව් දෙනෙකි. ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟද ඔවුහු පසුගිය සතියේ මේ ගැන තීරණාත්මක සාකච්ඡාවක නිරත වූහ.

එහෙත් මෙම කතාබහ තීරණයකින් තොරව හමාර වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් ගණනාවක්ම පොහොට්ටුවෙන්ම ජනාධිපති ධුර අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි දැඩි ස්ථාවරයක් දැරීම නිසාය. මහින්ද රාජපක්ෂ මහතාද එම මතයට සහය පළකර තිබිණි.

ඒ අතර ශ්‍රී.ල.නි.ප.ය හා එ.ජා.ප.ය නැවතත් හංසයා ලකුණින් පොදු පෙරමුණක් ලෙස තරග කළ යුතු යන මතය ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රී හිතවාදී මන්ත්‍රීහු තරයේම ප්‍රකාශ කරති. ඔවුහු මේ සඳහා ක්‍රියාත්මක කළහැකි සැලසුමක් සෑදීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙයට ශ්‍රී.ල.නි.ප.යේ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ ආදී ජ්‍යෙෂ්ඨ ඇමැති පිරිසක් එක්ව සිටිති. එ.ජා.ප.ය වෙනුවෙන් මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් මහත්වරුන් මෙම කතාබහට එක්ව සිටින බව ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

රාජපක්ෂවරැන් හා මෛත්‍රී හිතවාදීන් අතර සුහදතාවට විරෝධය පළකරන මෙම පිරිස අනාගත රජයක තනතුරු බෙදාගත යුතු ආකාරය ගැනද සාකච්ඡා කරමින් ඇතැයි සඳහන් වෙයි. එහෙත් මේ ආකාරයට එ.ජා.ප.ය සමඟත් මහින්ද හිතවාදීන් සමඟත් ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් දෙපිරිසක් පවත්වාගෙන යන සාකච්ඡාවට මෛත්‍රීපාල ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය කුමක්දැයි තවමත් පැහැදිලි නැතැයිද මෛත්‍රීට සමීප ආරංචි මාර්ග කියයි.

[දේශය]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද-මෛත්‍රී හවුලකට, පොහොට්ටු - ශ්‍රීලනිප දැඩි විරෝධය!
මහින්ද-මෛත්‍රී හවුලකට, පොහොට්ටු - ශ්‍රීලනිප දැඩි විරෝධය!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPMUDi0e8-VMCbjb5a-js_zRKjbU7IyLhKeb6Y-KGDiStelu1I-Pps9kA_u1V8xO19bIyBNLYlmt25kP7XSpt8EJiOVeDHLDUgvrAGrla0WfIR3nVZ8m19PFztYGk1L64I_qTGrFA7b6pP/s1600/%25E0%25B6%25B8%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25AF-%25E0%25B6%25B8%25E0%25B7%259B%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593+%25E0%25B7%2584%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25BD%25E0%25B6%259A%25E0%25B6%25A7+%25E0%25B6%25B4%25E0%25B7%259C%25E0%25B7%2584%25E0%25B7%259C%25E0%25B6%25A7%25E0%25B7%258A%25E0%25B6%25A7%25E0%25B7%2594+-+%25E0%25B7%2581%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593%25E0%25B6%25BD%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B4+%25E0%25B6%25AF%25E0%25B7%2590%25E0%25B6%25A9%25E0%25B7%2592+%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%259D%25E0%25B6%25B0%25E0%25B6%25BA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPMUDi0e8-VMCbjb5a-js_zRKjbU7IyLhKeb6Y-KGDiStelu1I-Pps9kA_u1V8xO19bIyBNLYlmt25kP7XSpt8EJiOVeDHLDUgvrAGrla0WfIR3nVZ8m19PFztYGk1L64I_qTGrFA7b6pP/s72-c/%25E0%25B6%25B8%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25AF-%25E0%25B6%25B8%25E0%25B7%259B%25E0%25B6%25AD%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593+%25E0%25B7%2584%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25BD%25E0%25B6%259A%25E0%25B6%25A7+%25E0%25B6%25B4%25E0%25B7%259C%25E0%25B7%2584%25E0%25B7%259C%25E0%25B6%25A7%25E0%25B7%258A%25E0%25B6%25A7%25E0%25B7%2594+-+%25E0%25B7%2581%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593%25E0%25B6%25BD%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B4+%25E0%25B6%25AF%25E0%25B7%2590%25E0%25B6%25A9%25E0%25B7%2592+%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%259D%25E0%25B6%25B0%25E0%25B6%25BA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy