2018 වසරේ දී රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් 20,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත්...
2018 වසරේ දී රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් 20,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(7) ප්‍රකාශ ෙකළේය.
අධියර හතරක් යටතේ මෙම උපාධිධාරින් පිරිස බඳවා ගන්නා අතර 2018 වසරේදී පළමු අධියර දෙක ක්‍රියාත්මක කරන බවත් තෙවන හා සිව්වන අදියර 2019 වසරේදී ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
පළමු අදියර යටතේ උපාධිධාරීන් පන්දහසක් බඳවා ගැනීමට නියමිත අතර දෙවන අදියර යටතේ උපාධිධාරීන් 15000ක් ද වශයෙන් උපාධිධාරීන් විසිදහසක් 2018 වසරේ දී බඳවා ගැනීමට නියමිත වේ. 2019 වසරේ දී බඳවා ගන්නා උපාධිධාරීන් සංඛ්‍යාව මෙතෙක් තීරණය කර නොමැති අතර උපාධිධාරීන් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේදී විධිමත් ක්‍රමවේදයකට අනුව කටයුතු කරන බවත් පක්ෂ දේශපාලනයෙන් තොරව කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඇමැති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන යෝජනාවට පසුගිය ජූලි 19 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර මේ වනවිට උපාධිධාරින් රැකියා සඳහා බඳවා ගැනීම වෙනුවෙන් සම්මුඛ පරික්ෂණ පවා සිදුකර ඇති බවත්. උපාධිධාරීන් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන වෙනුවෙන් අයදුම් පත් 66823ක් ලැබී ඇති අතර උපාධිධාරින් 49919ක් සම්මුඛ පරික්ෂණ සඳහා කැඳවා ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
උපාධිධාරීන් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහනේ දී පළමු කණ්ඩායම ලෙස බඳවා ගැනීමේදී උපාධියට අමතරව පශ්චාත් උපාධී, ඩිප්ලෝමා ලබා ඇති අය කෙරෙහි අවධානය යොමුකළ බවද ඇමැතිවරයා කීය. මෙම වැඩසටහන සඳහා සම්මුඛ පරික්ෂණ දිස්ත්‍රීක් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඒ ඒ අමාත්‍යාංශය යටතේ සිදුකළ බවත් බඳවාගත් උපාධිධාරීන් වහාම පුහුණු වැඩසටහන සඳහා කැඳවනු ලබන බවත් වැඩිදුරටත් පැවසීය.
COMMENTS