ජංගම දුරකතනයක් හිමි පුද්ගලයෙකු ජීවන වියදම් දැරීමට බැරි අයෙකු ලෙස සැලකීමට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකා...
ජංගම දුරකතනයක් හිමි පුද්ගලයෙකු ජීවන වියදම් දැරීමට බැරි අයෙකු ලෙස සැලකීමට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු ජංගම දුරකතන සඳහා පැන වූ වැට් බදු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"ජංගම දුරකතනයක් පාරිභෝජන භාණ්ඩයක් නොවෙයි. ජංගම දුරකතනයකට ගෙවන්න මුදල් තියෙන කෙනෙකු ජීවන වියදම් දරන්න බැරි කෙනෙකු නෙමෙයි. කොහොම වුණත් රාජ්‍ය ආදායම වැඩි වෙනකොට මේක ක්ෂ්‍ය කරන්න පුළුවන්." යනුවෙන් කියාසිටියේය.
COMMENTS