සාමාන්‍ය පෙළ අසමත් වුවද උසස්පෙළ හැදැරීම සඳහා 2018 වසරේ සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ අනූව 20...
සාමාන්‍ය පෙළ අසමත් වුවද උසස්පෙළ හැදැරීම සඳහා 2018 වසරේ සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ අනූව 2017 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට මෙම අවස්ථාව හිමිවන බවත් පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළුවන දරුවෙකුට 13 වසර දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය එමඟින් හිමිවන බවත් අමාත්‍යවරයා පැවසී ය.
සාමාන්‍ය පෙළ විභාගයේදී එක් එක් විෂයට අදාළව ලබාගන්නා සමාර්ථයන් අනූව විද්‍යා, කලා, වාණිජ විෂයන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවන බව ද මෙම වාතාවරණය යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයෙකුට ගණිතය විෂය අසමත්වීම හා උසස් පෙළ හැදෑරීමට ප්‍රමාණවත් විෂය සාමාර්ථ ලබා ගැනීම තවදුරටත් අනිවාර්ය නොවන බවද හෙතෙම සඳහන් කළේය.
මෙතෙක් කලක් උසස් පෙළ හැදෑරීම සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය කර තිබිණ. එසේම ගණිතය අසමත්වුවද උසස්පෙළ හදාරන අතරතුර වසරක කාලයකදී ගණිතය සමත්වීම අනිවාර්ය විය.
එසේම ගණිතයට ලබාගන්නා සාමාර්ථයට අනූව උසස්පෙළ විද්‍යා, කලා හා වාණිජ විෂයයන් හැදෑරීමේ අවස්ථාව හිමිව තිබිණ.
"සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ" ජාතික වැඩසටහන යටතේ පිරිවෙන් 15ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීමට ගොඩනැඟිලි ආධාර ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද(21) පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසී ය.
COMMENTS