ගනුදෙනු කිහිපයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීහු මේ සතියේදී පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවා තිබේ...
ගනුදෙනු කිහිපයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීහු මේ සතියේදී පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවා තිබේ.
මෙසේ කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ සතොස, ලක් සතොස, මධ්‍යම පරිසර අධිකාරිය සහ මහජන බැංකුව යන ආයතනවල ප්‍රධානීන් වේ.
ඒ අනුව සතොස සහ ලක් සතොස ආයතනවල ප්‍රධානීන් ඊයේ(20) පස්වරුවේද, අද(21) මධ්‍යම පරිසර අධිකාරීයේ ප්‍රධානීන් සහ 23 වැනිදා මහජන බැංකුවේ ප්‍රධානීන් මෙලෙස කෝප් කමිටුවට කැඳවා ඇතැයි එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නේති මහතා පැවසී ය.
මෙම ආයතනවල ගනුදෙනු කිහිපයක් පිළිබඳව කෝප් කමිටුවේ ඉහළ අවධානය යොමුවී තිබෙන බවත් ඊට අදාලව මෙම ප්‍රශ්න කිරීම් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS